Breaking News
Home / දේශීය පුවත් / මෙතෙක් දවස් දෙගිඩියාවෙන් හිටපු මුස්ලිම් කොන්ග්‍රසය රනිල්ට එරෙහි විශ්වාස බංගයේදී ගන්න තීරණය දීර්ග සාකච්චාවකින් පසු ප්‍රකාශ කරයි

මෙතෙක් දවස් දෙගිඩියාවෙන් හිටපු මුස්ලිම් කොන්ග්‍රසය රනිල්ට එරෙහි විශ්වාස බංගයේදී ගන්න තීරණය දීර්ග සාකච්චාවකින් පසු ප්‍රකාශ කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කර තිබෙනවා.

එනම් අගමැතිට පක්ෂව චන්දය පාවිච්චි කරනු ඇති. මුළු මහත් ආණ්ඩුවටම ගෙන ආ බන්ගයක් නිසා මෙම තීරණය ගත් බවයි නායක රවුෆ් හකීම් පවසන්නේ

අද (03 )රාත්‍රී පැවති සාකච්ඡාවකදීයි මුස්ලිම් කොන්ග්‍රසය මෙම තීරණයට එළඹ ඇත්තේ.

විශ්වාසභංගය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පිළිබද අවසන් එකඟතාවකට පැමිණීම සදහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය දරුසලාම්හිදීයි රැස්වුනේ.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය හෙට (04) පෙරවරු 9.30 ට ආරම්භ කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට රාත්‍රි 9.30 ට පැවැත්වෙනවා.

About article14

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!