Breaking News
Home / දේශීය පුවත් / මුල්‍ය හෝ පරිපාලන විනයක් නැති බව ඔප්පු කර ඇති ගෝටා පොහොට්ටුවේ දුර්වලම අපේක්ෂකයා – ජවිපෙ

මුල්‍ය හෝ පරිපාලන විනයක් නැති බව ඔප්පු කර ඇති ගෝටා පොහොට්ටුවේ දුර්වලම අපේක්ෂකයා – ජවිපෙ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පාර්ශ්වයේ දුර්වලම අපේක්ෂකයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට පරිපාලන විනයක් හෝ මූල්‍ය විනයක් නොමැති බව පසුගිය කාලයේ ඔහු විසින් ඔප්පු කර ඇති බව පැවසූ විජිත හේරත් මන්ත්‍රීවරයා රාජපක්ෂ කඳවුරේ දුර්වලම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට රට වෙනස් කළ හැකි යැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බව කියා සිටියේය.

අලූත් අපේක්ෂකයකු රටට ඉදිරිපත් කරන බව මාස තුනක් තිස්සේ කී පොදුජන පෙරමුණ පෙරේදා (11 වැනිදා) ඉදිරිපත් කළ අපේක්ෂකයා මාස ගණනක් තිස්සේ කතා කළ පරණ අපේක්ෂකයකු බවද මන්ත්‍රීවරයා පැවසීය.

රට මෙතරම් අගාධයකට වැටී ඇත්තේ බොහෝ පිරිසක් දේශපාලනය තමන්ගේ බූදලයක් කරගෙන තිබීම නිසා බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!