Breaking News
Home / දේශීය පුවත් / මුලතිව් අවට මුහුදු තීරය අසාමාන්‍ය ලෙස වෙනස් වෙයි ක්ෂිතිජය තෙක් භායානක අදුරක් ධීවරයන් බියට පත්වෙයි

මුලතිව් අවට මුහුදු තීරය අසාමාන්‍ය ලෙස වෙනස් වෙයි ක්ෂිතිජය තෙක් භායානක අදුරක් ධීවරයන් බියට පත්වෙයි

මුලතිව් මුහුද 28 දා සවස් කාලයේ සිට බෙහෙවින් රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසකට පත් ව ඇතැයි මුලතිව් ධීවරයෝ නාවික හමුදා නිලධාරීන්ට දැණුම් දී තිබේ.

නාවික හමුදා නිලධාරීන්ද තත්ත්වය නිරීක්ෂණය කොට බැලීමේදී මුලතිව් මුහුද ක්ෂිතිජය දක්වාම අඳුරු හා කළු පැහැයකින් යුක්ත බව නිරීක්ෂණය කොට ඇත.

නාවික හමුදා නිලධාරීන් මුලතිව් ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙස දැණුම් දී ඇතත් මේ මුහුදේ වෙනස් ස්වභාවය ඇති වීමට පෙර විශාල පිරිසක් සන්ධ්‍යා කාලයේදී මුහුදු ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ කියා සිටිති.

මීට සති තුනකට පෙර වර්ෂාවත් සමගම මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින් පමණ උස් වූ අතර මුහුදේ ස්වභාවයද වෙනස් වී තිබුණි.

Adaderana

About article14

Check Also

කබීර් හා හැලීම් හොර පාරේ ගොස් සිරිසේනගෙන් ඇමතිකම් ගත් සිද්දිය ගැන එජාපය කලබල වෙයි.

එක්සත් ජාතික පක්ෂ මුස්ලිම් ඇමතිවරුන් වන කබීර් හෂිම් හා අබ්දුල් හලීම් යන මහත්වරුන් යළි දිවිරුම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!