මෙවර අයි.පී.එල් තරගාවලියේ තීරණාත්මක තරගයක් ඊයේ මුම්බායි කණ්ඩායම හා කිංගස් IX පංජාබ් කණ්ඩායම අතර පැවැත්වූ අතර එම තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබිමට සමත්වූයේ මුම්බායි කණ්ඩායමයි.
තරගයේ සියලු ගෞරව දිනාසිටි පංජාබි කණ්ඩායමට විටෙක කඩුලු 09ක් අතැතිව අවසන් පන්දුවාර 04 තුල අවශව තිබුණේ ලකුනු 42ක් පමණි.එහෙත් ජස්ප්‍රිත් බුම්රාගේ අවසන් පන්දුවාර 02 ඔවුන්ගේ ජයග්‍රාහී ගමන අඩපණ කල අතර එම පන්දුවාර 02 තුළ බුම්රා ලකුනු 10කට කඩුලු 03ක් දවා ගනිමින් සිය කණ්ඩායමට බලාපොරොත්තු එක් කළේය.
තරගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිතිකරණයේ යෙදී සිටින විටදී හදිසියේම ක්‍රීඩා පිටියේ එක් විදුලි පහන් කණුවක විදුලිය හදිසියේ විසන්ධිවීම නිසා තරගය විනාඩි 15කට නවතා දැමීමට සිදුවිය.මෙම සිදුවීම හිතාමාතාම සිදුකල එකක් බව කිංගස් IX පංජාබ් කණ්ඩායමේ හිමිකාරිනිය වන ප්‍රීති සින්ටා චෝදනා කරනවා.
ඒ මොහොතේදී කිංගස් IX පංජාබ් කණ්ඩාය කඩුලු 4ක් දවාගනිමින් ඉතා හොදින් ක්‍රීඩා කල අතර පසුව විදුලිය විසන්ධිවූ මොහොතේ මුම්බායි කණ්ඩායමේ සියලු දෙනා පුහුණුකරු සමග සාකච්ජා කල බවත් ඒ මොහොතේ පිතිකරණය සදහා පිටියට පැමිණි කිරන් පොලාඩ් කණ්ඩායමේ පුහුණුකරුවන වන මහේල සමග කතා කිරීම වැරදි දෙයක් බවත් ඇය චෝදනා කර තිබෙනවා.