Breaking News
Home / ක්‍රිඩා / මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගයි. තමන්ගේ අවන්හලක් මුම්බායිවලට ගෙනයයි

මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගයි. තමන්ගේ අවන්හලක් මුම්බායිවලට ගෙනයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන සිය පුද්ගලික ජීවිතයේ අලුත්ම වෙනසක් ඇති කරගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව මුල් තැනට ගෙන තිබූ ඔහු මේ වනවිට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිය වේලාව හා කැපවීම වැඩි කර තිබෙන අතර ඉදිරියේ දී ව්‍යාපාර පුළුල් කරගෙන ලංකාවෙන් පිටතට සිය ව්‍යාපාර ගෙනයාමට සැලසුම් සකස් කර ගෙන ඇතැයි වාර්තා වේ.

මහේලගේ පවුල සම්බන්ධ වෙනසක් සම්බන්ධයෙන් ද මේ වනවිට අන්තර්ජාලයේ තහවුරු නොකළ ආරංචි පැතිර යන අතර ඔහුගේ මෙම ඉදිරිගමන හදිස්සියේ සිදුවන්නේ සියලු කලබල මැද ය.

මහේල හා සංගක්කාර දෙදෙනාට අයත් කොළඹ පිහිටි ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්’ (කකුළු අවන්හල) මේ වනවිට ලෝකයේ හොඳම අවන්හල් 50 ඇතුළට ඇතුළත්වීමේ සාර්ථකත්වය ළඟා කරගෙන තිබෙන අතර ලංකාවට ද කීර්තියක් අත්කර දී තිබෙන්නකි.

දර්ශන් මුණිදාස සූපවේදියා සමග අලුත්ම සංකල්පයකට වැඩ කරමින් මහේල මෙම අවන්හල ඇරඹුවේ ලෝකය පුරා ගමන් කිරීම හා විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර රස බැලීමේ ඔවුනගේ විනෝදාංශයට හේතුවක්වීම සඳහා ය.

කෙසේ වෙතත් ලෝක ප්‍රකට ක්‍රීඩක දෙපළගේ නාමයන් සමග මෙහි ප්‍රවර්ධන කටයුතු පහසු වූ අතර සංචාරකයින් ඒ කෙරෙහි ආකර්ෂණය කරගන්නට හැකි විය.

මහේල පසුගිය සතියේ මෙම අවන්හලේ දියුණුව නිහතමානී ව සමරන ලද අතර ඔහුගේ ඊළඟ සැලසුම හෙළි කරමින් පවසා සිටියේ ලබන මාර්තු මාසයේ සිට ඉන්දියාවේ මුම්බායිහි ශාඛාවක් විවෘත කරන බවයි. Gourmet Investments Pvt Ltd නමැති සමාගම මෙහි දී මහේල සමග හවුල් ගිවිසුමකට ද අත්සන් තබන ලදි.

මහේල IPL තරගාවලිය ඉලක්ක කර මෙම අලුත් ශාඛාව මුම්බායිහි විවෘත කරනු ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම රසිකයින්ට එම ස්ථානය ප්‍රවර්ධනය පහසුවනු ඇති බවත් පවසා තිබේ.

ඉදිරියේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස එක්වන මහේලට මෙම ව්‍යාපාර ජාලය ද සමග ඉන්දියාවේ වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාව උදාකර දෙනු ඇත.

මහේල සිය විවාහක බිරිය ක්‍රිස්ටිනාගෙන් නීතියෙන් වෙන් වූ බවටත් දරුවා ඇය භාරයේ තබන ලද බවටත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ තහවුරු නොකළ ආරංචි පැතිර තිබෙන අතර මහේල ඒ සම්බන්ධයෙන් කිසිවක් නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

කෙසේ වුව ද මහේල මේ දිනවල වඩාත් උනන්දුවෙන් සිටින්නේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙන් බවට වැඩිදුර තොරතුරු වාර්තා වේ.

About lanka

Check Also

මාලිංග ජාත්‍යන්තර කඩුලු 500 සම්පුර්ණ කර කැපිලි දාපු කුහකයින්ට කඩුලු 5 අරන් පෙන්නුවත් අලුත් පරම්පරාවේ ක්‍රිකට් වලපල්ලේ බව පෙන්නමින් පිට පිට පැරදෙයි

පන්දුවාර 29 අවසානයේදී තරගයට වර්ෂාව පතිත වීම නිසා තරගය නතර කල අතර පන්දුවාර 20 වඩා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!