Breaking News
Home / දේශීය පුවත් / මුද්‍රණ යන්ත්‍රය කපා සේවකයාගේ අත බේරාගත් සම්මානද ලබාගත් අම්පාරේ මෙත්තානන්දට සෙලින්කෝ රක්ෂණ සමාගම වන්දි මුදලක් දෙන්න බැ කියා මනුස්සකමට පොල්ල තියයි

මුද්‍රණ යන්ත්‍රය කපා සේවකයාගේ අත බේරාගත් සම්මානද ලබාගත් අම්පාරේ මෙත්තානන්දට සෙලින්කෝ රක්ෂණ සමාගම වන්දි මුදලක් දෙන්න බැ කියා මනුස්සකමට පොල්ල තියයි

අම්පාර මුද්‍රණ ආයතනයක ( Tharindu Offset Printers) ආයතනය පසුගිය කාලයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ආයතනයක් විය. ඒ එම ආයතනයේ කෝටි ගණනක් වටිනා මුද්‍රණය යන්ත්‍රයක් කපා එම යන්ත්‍රයට හසුවූ සිය සේවකයාගේ අත බේරා ගැනීමට එම ආයතනයේ හිමිකරු මෙත්තානන්ද රූබසිංහ මහතා කටයුතු කළ හෙයිනි.

කෙසේ වෙතත් ඒ සඳහා වන්දි ප්‍රධානය කිරීමට රක්ෂණ සමාගම එකඟ වී නොමැත. මේ හේතුවෙන් ඔහු බරපතල ඛේදවාචකයට ලක්ව ඇති බව ප්‍රවිණ ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතා සිය ෆේස් බුක් ගිණුමට එක්කළ සටහනකින් කියයි.කෙසේ වෙතත් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේම සටහන් වන කරුණුවලට අනුව මෙම මුද්‍රණ යන්ත්‍රය රක්ෂණය කොට නොමැති බවද පැවසේ .

කෙසේ නමුත් බැංකු ණයක් මඟින් අදාළ යන්ත්‍රය අනිවාර්යෙන්ම රක්ෂණය කළ යුතුව ඇති බවද කියයි. ඒ අතර යන්ත්‍රය මේ වන විට නැවත සකසා භාවිතයට ගන්නා බවද පසුගිය දිනෙක ෆේස්බුක් මාධය ජාලයේ සටහන් විය.ඔහු සිය සේවකයාගේ අත බේරා ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.

ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. ඔහු මුද්‍රණ යන්ත්‍රය රක්ෂණය කර නොමැති නම් හෝ ඔහුට රක්ෂණ මුදල ලබා ගත නොහැකි නම් ජීවිතයක් බේරා ගැනීම උදෙසා ඔහු කළ මහඟු මෙහෙවර අගයමින් ඔහුට ව්‍යාපාරිකයෙක් වශයෙන් පෙර සිටි තත්ත්වයට පැමිණීමට ජනතාවක් විදියට සියලු දෙනාට එක්ව සුළු මුදලකින් හෝ උදව් කළ හැකි නම් එය උදාරතර බව බොහෝමයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන්ගේ අදහස වී තිබේ.

ඉන්ද්‍රනාථගේ සටහන.පළමු ව ඔබට මේ ලිපිය සිහිකැඳවනු කැමැත්තෙමි.පසුගිය මාර්තු 15වන දා මම අම්පාරට ගියේ වෙනත් රාජකාරියකට ය. නමුත් ඒ අතරතුර ලද ඇසිල්ලෙක මම මගේ පැරණි අතිජාත මිත්‍රයකු වන මෙත්තානන්ද රූබසිංහ මහතා හමු වන්නට ඔහුගේ Tharindu Offset Printers ආයතනයට ගියෙමි. ආගිය කතාබහින් පසු මා මිත්‍රයා පත් ව සිටින ත්ත්වය ගැන මම මහත්සේ විස්සෝප වීමි.

මුද්‍රණ යන්ත්‍රයට අත හසුව කෝටි ගණනක් වටිනා යන්ත්‍රය කපා සේවක මුණසිංහ මහතාගේ ජීවිතය බේරා ගත් මේ මහා මනුෂ්‍යයා අද පත් ව සිටින්නේ බරපතල ඛේදවාචකයක් අබිමුඛ ව ය. ඒ ඔහුගේ දේපොල සියල්ල අත්පත් කර ගන්නා අවසන් අවස්ථාවකට ම එළැඹ ඇති නිසා ය. මේ සිද්ධිය දැන ගත් මොහොතේ සමස්ත ජනතාව ම මේ මේත්තානන්ද මහතාගේ මෙහෙවර බොහෙවින් අගය කළ බව මට මතකය.

ඔහුට සුබ පතමින් පෝස්ට් දහස් ගණනක් පළවිය. ඒ නිසා ම ඔහුට ගෞරව සම්මාන ද පුද කරනු ලැබිණි.නමුත් අද ඒ කිසිවෙක් නැත. රක්ෂණය අහක බලාගෙනය. බැංකුව සිරිත්පරිදි ගොරවමින් සිටියි. ඔවුන්ට මේ මනුසත්බව තඹයකට වටිනා ක්‍රියාවක් නොවේමය.සිද්ධිය වන අවස්ථාවේ දී මෙම යන්ත්‍රෙයන් මුද්‍රණය කොට අවසන් ව තිබූ කැලැන්ඩර ලක්ෂ ගණනක් ම විනාශයට පත් වීම නිසා රූබසිංහට සිය වෙළෙඳ අරමුණ සාක්ෂාත් කර ගත නොහැකි විය.

එයින් ගොඩ එන්නටනම් තවත් අවුරුද්දක් ම බලා සිටිය යුතු ය. දෛනික රාජකාරිවලින් උපයන සියලු මුදල් බැංකුවේ තැන්පත් කළ ද එයින් හිඟ ණය වාරික ගෙවී යන්නේ නැත. ලැබෙන හැම වත්කමකින්ම ණය ගෙවූවද ඒ මහා ණය කන්ද පාමුලවත් තබන්නට ඒවා සමත් වන්නේ ද නැත. මන්ද මේ ණයට එකතු ව ඇති පොලී මුදල ද අතිමහත් නිසාය.

සිය සේවකයන්ගේ සුබසිද්ධිය සඳහා කැප වන ව්‍යාපාරිකයන් අතිශයින් හිඟ මේ කාලයේ සිය අවදානම් ආර්ථිකය තඹයකට නොගෙන මහා මිනිස්කමකින් ක්‍රියා කළ මිනිසකුගේ උත්තුංග මෙහෙවරක් අගය කරන්නට ද එමෙන් ම මෙවැනි අතිශය මානව හිතවාදී ක්‍රියාවන් කොට සිය සේවක ජනයා රකින ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නට ද මේ මොහොතේ අප සැම ශක්ති ප්‍රමාණයෙන් එකතු විය යුතුයැයි මම විස්වාස කරමි.ඔබගේ දයාර්ද්‍ර බව කිසියම් මුදලක් එකතු කොට දීමට එහා ගිය ශක්තිමත් මහජන මතයක් ගොඩනංවන එකක් වනු ඇතැයි ද මම සිතමි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!