Breaking News
Home / දේශීය පුවත් / මීතොටමුල්ල කසළ කන්ද ආයෙත් නාය යන ලකුණු

මීතොටමුල්ල කසළ කන්ද ආයෙත් නාය යන ලකුණු

මීතොටමුල්ල කසළ කන්ද ආශ‍්‍රිත ජනතාව යළි බියකින් පසුවන බව දන ගැනීමට ලැබුනා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන කොළොන්නාව කසළ කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප‍්‍රධාන සංවිධායක නුවන් බෝපගේ සඳහන් කළේ,

“මේ දිනවල තියෙන වැසිබර කාළගුණයත් එක්ක අවධානම් දෙකක් මතුවෙලා තියෙනවා. එකක් තමයි කුණු කන්ද තාම අස්ථාවර වීම.. කඩා වැටීමෙන් පස්සේ තාම කුණු කන්ද ඉවත් කිරීමට කටයුතු කරලා නැහැ. මේ වන විට විමලාරාම වත්ත, අවිස්සාවේල්ල පාර, 23 වත්ත,101 වත්ත වැනි ප්‍රදේශවලට මේ වැස්සත් එක්ක කුණු කන්ද යළි කඩා වැටීමේ අවධානමක් තියෙනවා. කුණු කන්ද කඩා වැටීමෙන් ඇළ මාර්ගය අවහිර වී තිබීම නිසා දැඩි වර්ෂාවක් ඇති වුනොත් මේ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් මතු වෙන්නත් පුළුවන්.”

යනුවෙනි.

කෙසේ වෙතත් කසළ කන්ද කඩා වැටී කාලයක් ගත වුවද ඉන් පීඩාවට පත් ජනතාවට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

About article14

Check Also

ඉන්දීයාවෙන් පොලිස් ජීප් 750 ක් ලංකාවට ක්‍රිකට් දුෂණ මඩින්න විශේෂ පුහුණුවක් දෙන්නැයි ක්‍රිකට් හිටපු නායක අර්ජුන ඉන්දියාවෙන් ඉල්ලයි

ඉන්දු ලංකා මිත්‍රත්වයට ජනාධිපති කුමන්ත්‍රණ කතා මතුවී ඇති අවස්තාවක නිල සංචාරයක නිරතවන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!