Breaking News
Home / දේශීය පුවත් / මිල සුත්‍රයෙන් පළමු වරට නිල වශයෙන් 10 වනදා තෙල් මිල පහලට පෙට්‍රල් තවත් රුපියල් දෙකකින් ඩිසල් 3 කින් අඩුවෙයි. ත්‍රිවිල් ගාස්තු අඩුවක් නැ

මිල සුත්‍රයෙන් පළමු වරට නිල වශයෙන් 10 වනදා තෙල් මිල පහලට පෙට්‍රල් තවත් රුපියල් දෙකකින් ඩිසල් 3 කින් අඩුවෙයි. ත්‍රිවිල් ගාස්තු අඩුවක් නැ

මිල සුත්‍රය අනුව 10 වනදා මිල සංශෝධනය අනුව පළමු වරට මංගල මුදල් ඇමතිවරයා ඉන්දන මිල අඩු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 රු 2 කින් ඒ අඩුවී ඇති අතර ඒ අනුව රු 123 ක්ද ඔක්ටේන් 95 142 දක්වාද අඩුවී තිබෙනවා.

ඩිසල් රු 2 න් අඩුවී ඇති අතර එය රු 99 දක්වා අඩුවී තිබෙනවා. සුපර් ඩිසල් රු 3 කින් අඩුවී ඇති අතර එය 118 ක් වනවා.

එසේම විශේෂම කාරණය පෙට්‍රල් 155 සිට මේ වන විට 123 දක්වා රු 32 කින් පසුගිය මාස දෙක ඇතුලත අඩුවී ඇති අතර එහෙත් ත්‍රිවිල් ගාස්තු 155 දක්වා වැඩි කල අවස්ථාවට සමානව ඇත. ඔවුන්ගෙන් විමසු විට ඔවුන් පවසන්නේ පෙට්‍රල් පමණක් අඩුවීම ඔවුන්ට අදාළ නැති බවයි.

නමුත් මහින්දගේ මාස දෙකේ ආණ්ඩුව රු 10 කින් පමණ මිල අඩු කල විට කිසිවකු අසන්නටත් පෙර රු 10 න් මුලික ගාස්තු අඩු කරන බව ත්‍රිවිල් සංගමය නම් සංගමයක් පැවසු අතර ඔහුගේ ආණ්ඩුව විසිවීමත් සමග ඒවා සමහරුන් වැඩි කර ඇත.

ඔවුන්ට අවශ්‍ය පාලකයන් බලය ආ විට පෙට්‍රල් මිල කිය වුවත් මිල අඩු වන අතර ඔවුන් අකමැති පාලකයා ආ විට කොතරම් තෙල් මිල පහත දැම්මත් ඒවා අඩු නොවේ. එය ශ්‍රී ලංකා රජය ලෙස ප්‍රවාහන ප්‍රතිපත්තියක් නීතිගත හෝ ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාකයකි.

රට පාලනය කරන උදවිය තෙල් මිල පමණක් බැස්සවීමෙන් මෙම ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැති අතර ඒවා අතරමග කොල්ල කන අතර ඒවා පාලනය කිරීම හා ජනතාවට එ ප්‍රතිලාබ ලබා දීම කුමන රජයක වුවත් වගකීමක් බව පාලකයන්ගේ කොන්ද ගැනත් නැවත සිතීමට ඔවුන්ට සිදුවෙයි.

About article14

Check Also

විදුලිය හිටි හැටියේ කැපෙන්නේ වැඩි මිලට පිටින් විදුලිය මිලට ගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් මත බව සේවකයන් චෝදනා කරයි

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!