Breaking News
Home / දේශීය පුවත් / මිනුවන්ගොඩ පොකුරෙ ආසාදිතයින් කිසිවකු දැඩිසත්කාර වල නැ කොවිඩ් තාමත් සමාජ පැතිරීමක් තාම නැ

මිනුවන්ගොඩ පොකුරෙ ආසාදිතයින් කිසිවකු දැඩිසත්කාර වල නැ කොවිඩ් තාමත් සමාජ පැතිරීමක් තාම නැ

ගෝලීය වසංගතයක් වූ කොරෝන වෛරසයේ පොකුරු 32ක් සාර්ථකව අවසන් කර 33 වන පොකුරටත් මේ වන විට රටක් ලෙස සාර්ථකව මුහුණ දෙමින් සිටින නිසාවෙන් රෝගය සමාජගතවී ඇති බවට විද්‍යාත්මකවත්, තර්කානුකුලවත් පැවසිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරනවා.

මේ අනුව ජනතාවට අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නොමැති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ. දැනට වාර්තා වී ඇති මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ 1697 ආශ්‍රිතයින් බුද්ධි අංශ සමග සෞඛ්‍ය අංශවලට තොරතුරු ලබා දී ඇති නිසා මෙය කළමනාකරණය කල හැකි බවයි ඔහු පවසන්නේ.

එසේම මේ 1697 න කිසිදු රෝගියකු දැඩි සත්කාර ඒකකයට දමා ප්‍රතිකාර කිරීමේ තත්වයක නැති බවත් වෛරස ප්‍රමාණය වැඩි වුවත් මේ වන තෙක් හොදින් මෙය කලමනකරය කර ඇති බවද පැවසුවා. අද කොවිඩ් මර්ධනය කිරීම පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව පැවසුවා.

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!