Breaking News
Home / දේශීය පුවත් / මිනිසුන්ගේ ශ්‍රද්ධාවට මුවා වී ධාතු වන්දනාවෙන් ගහන කොමිස් හා ලැබෙන ආදායම ප්‍රසිද්ධ මාධ්‍යක් හා සංවිධානය කරන කල්ලිය ගහන කලකිරෙන පාපකර්ම ගැහිල්ල

මිනිසුන්ගේ ශ්‍රද්ධාවට මුවා වී ධාතු වන්දනාවෙන් ගහන කොමිස් හා ලැබෙන ආදායම ප්‍රසිද්ධ මාධ්‍යක් හා සංවිධානය කරන කල්ලිය ගහන කලකිරෙන පාපකර්ම ගැහිල්ල

පසුගිය සමයේදී මෙරට බෞද්ධයින් වෙසක්, පොසොන් වැනි ප්‍රධාන පොහෝය දින වලදී පෝලිම්වලට ගාල් කෙරෙන නව ආරක බෞද්ධ ප්‍රබෝධ වැඩසටහන වූයේ “ධාතු වන්දනාවයි”

බුදුරජාණන් වහන්සේගේ ආදාහනයෙන් පසු ඉතිරි වූවායැයි සැලකෙන සර්වඥ ධාතු, සැරියුතු මුගලන් අග්‍රශ්‍රාවකයින්ගේ ධාතු, මහරහතුන්ගේ ධාතු, යශෝධරා දේවියගේ ධාතු යනාදි වශයෙන් බුද්ධ චරිතය හා සම්බන්ධ ප්‍රධාන පෙළේ චරිත බොහෝමයකගේ ශරීර කොටස් යැයි පවසමින් මහා රන් කරඬු වල බහා ඉතාම භක්ති සම්ප්‍රයුක්තව කෙරෙන මෙම “නිසැක ධාතු වන්දනා” පූජාවන්හී අභ්‍යන්තරය ගැමි බෞද්ධයින්ගේ ශ්‍රද්ධාව යන මනෝභාවය කූඨ ලෙස භාවිතා කර ධනය උපයන අශිලාචාර වැඩසටහනක් බවයි සදහන්.

ධාතු සොයා ගැනීම.

මෙම සර්වඥ හෝ අනෙකුත් ධාතුන් ඉන්දියාවේ පිරිණිවන් මංචක හෝ ඉන් පසු ඉදිකල චෛත්‍ය වලින් ආනයන කල බව පැවසුවද සත්‍ය ලෙසම මින් බහුතරයක් ධාතු සත්ව ඇටසැකිලි, ගජමුතු හෝ සිප්පි කටු ආශ්‍රයෙන් නිර්මාණය කරගත් කොටස් බව තතු දන්නෝ පවසයි.

රත්තරනින් සකස් කල කරඩුවක බහා රැගෙන එන නිසාවෙන්ම එයට මහා ඓශ්චර්‍යාත්මක භාවයක් ආරූඩ වන අතර එම ධාතු බුදුන්ගේම ධාතු බව දිවුරා කීමට සිවුරු පොරවා ගත් ව්‍යාපාරිකයෝ මේ මහ පොළොවේ සුලභව සිටියි.

ලාභ බෙදා ගැනීම.

වසර කිහිපයකම සිට මෙරට සිදුවන ප්‍රමුඛතම ධාතු ප්‍රදර්ශණය එක්තරා මාධ්‍ය ජාලයක් විසින් පවත්වනු ලබන “… නිසැක සර්වඥධාතු වන්දනාව” හෙවත් උත්තම ධාතු වන්දනාවයි.

වස්කඩුව විහාරස්ථානයක ඇතැයි පැවසෙන බුදුරජාණන්වහන්සේගේ සර්වඥ ධාතු මෙලෙස වසරක් පාසා එකී මාධ්‍ය ආයතන විසින් කුලියට ගනු ලබයි. ගම්වල සිටින ගැමියන් වෙත මෙම ධාතු පෙන්වීමෙන් ඔවුන් ඉතාම සංවේදී වන අතර සිය ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල් කුට්ටි පිටින් ධාතු මංජුසාව වෙත විසි කිරීම ඉතාම සුලභ කරුණකි.

එලෙස විසි කෙරෙන මුදල් සහ රන් ආභරණ වල වටිනාකම එක් වරකදී දළ වශයෙන් රුපියල් කෝටි 4කට (ලක්ෂ 400) වැඩි බව තතු දන්නෝ පවසයි. විහාරාධිපති සහ එකී මාධ්‍යජාලය අතර ඇති ගිවිසුම ප්‍රකාරව 30% විහාරාධිපති හිමියන්ට 10% ධාතු ප්‍රදර්ශන්ය පැවැත්වෙන පන්සලට ලැබෙන අතර 60% මාධ්‍යජාලය වෙත හිමිය.

මේ කිසිම මුදලක් ගිණුම්ගත නොවේ. අනෙකුත් වියදම් කපා හැරිය විටදී උත්තම ධාතු පෙන්වීමෙන් එකීමාධ්‍ය ජාලය රුපියල් කෝටි 1.5 – 2 අතර ශුද්ධ ලාභයක් උපයන අතර ඊට අමතරව මාධ්‍ය ජාලයේ සභාපති වරයාව “මිහිපිට සිටින ශක්‍ර දේවේන්ද්‍රයා” ලෙස නාමකරණය ලක්කිරීමටද පෙරකී චෞර කල්ලියේ චීවරධාරීන් සැදී පැහැදී සිටියි.

ඔවුන් පමණක් නොව මෙරට පැවැත්වෙන බහුතරයක් සර්වඥ ධාතු ප්‍රදර්ශණයකම අමිහිරි සත්‍ය එයයි. මෙය කෙතරම් සාක්ෂි සාධක සහිතව ඔප්පු කලද ගැමියන් එය පිළිගැනීමට සූදානම් නැත.

වෙසක්, පොසොන් සහ ඇසළ සමයේදී මෙවන් ධාතු ප්‍රදර්ශණ රටේ බොහෝ විහාරස්ථාන වල දැකගත හැකි අතර මිනිසුන් බුදුන් දැකගත්තා හා සමාන බවට පවසමින් කැමරා ඉදිරියේ හඬා වැටෙනු දැකගත හැක.

නමුත් බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය බුද්ධිමත්ව සසර ගමන කෙටි කරගැනීම සඳහා අවබෝධයෙන් යුතුව හැදෑරිය යුතු දර්ශණයකි.

මෙම කරුණු 100% ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන කරුණු වන අතර මින් ඉදිරියට මෙවන් ධාතු ප්‍රදර්ශණ වැඳපුදා ගත්තද ඊට මුදල් හෝ රන් ආභරණ පූජා කරන විට මේ ශ්‍රද්ධාවෙන් පුජා කරන දේ සාසනයටද යම් අයෙක්ගේ සාක්කුවකටද කියා දෙවරක් සිතා පුජා කරන ලෙස අප ඔබගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමු.

උපුටා ගැනීම aperata.net

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!