Breaking News
Home / Video / මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි අරන් ඒකත් මදිවෙලා මගීන්ම මරාගෙන කන රජේ සේවයේ දුම්රිය කාලකන්නිගේ වර්ජනේ

මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි අරන් ඒකත් මදිවෙලා මගීන්ම මරාගෙන කන රජේ සේවයේ දුම්රිය කාලකන්නිගේ වර්ජනේ

පුටු රත් කරමින් සැහැල්ලුවෙන් දීමනා වරප්‍රසාද සමග මරණය තෙක් විශ්‍රාම වැටුපත් ගෙන අහිංසක ජනතාවගේ බදු සල්ලි මංකොල්ල කන ගමන් ආපසු පෙරලා සාධනීය සේවයක් රජයේ සේවකයන් ලබා දෙනවා අප දකින්නේ නෑ.

පුද්ගලික අංශයේ හා ස්වයං රැකියා, ව්‍යාපාර කරන ඒ වගේම මුට්ට කරගහන කුලී වැඩ කරන පුද්ගලායගෙන් එකතු කරන බදු මුදල් වලින් ගන්න පඩියෙන් තමන් තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට කන්න දෙන ගමන් ආපසු පෙරලා සේවයක් දෙන්න බහුතර කාලකන්නි රජයේ සේවකයන්ට කිසිම උවමනාවක් නෑ.

කාලකන්නි දේශපාලුවන් හා රජයේ සේවකයන් ජනතා මුදල් නිර්ලජ්ජිත ලෙස කාබාසිනියා කරන්නේ ජනතාවට කිසිම ප්‍රති උපකාරයක් නොදී. මේ දුම්රිය සෑම දිනකම කුමන හෝ පුද්ගලයන්ගේ සංගමයක් වර්ජනය කරයි. ප්‍රශ්න ඇති නම් එය විසදීම ජනතාව පීඩාවට පත් කිරීම නොවෙයි. මෙයින් දිනක සිදු වන්නේ මීට අදාල උන්ට ගමක ගෙදරකවත් ඉන්නට නොදී ජනතාව සොයා ඇවිත් ගුටි පූජා ලබා දීමයි.

තවද මෙවන් ක්‍රියා ජනතාව අනුමත නොකරනවා මෙන් කාලකන්නි දේශපාලුවන්ද පක්ෂ බේදයකින් තොරව හෙලා දැකීම හා ගෙදර යැවීමට කටයුතු කල යුතුය. නැතිව හතරට නැවී ඕන හොරෙක්ට “සර්” කියන යුගය ඉක්මනින් අවසන් කල යුතුය.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!