Breaking News
Home / දේශීය පුවත් / මිගලැවේ සිගිත්තාට පෙවූ බියරුත් වොඩ්කා මෙන් අවසානයේ වතුර වෙයි. පියා පොලිසියට කට උත්තර දෙමින් බියර් වතුර කරයි

මිගලැවේ සිගිත්තාට පෙවූ බියරුත් වොඩ්කා මෙන් අවසානයේ වතුර වෙයි. පියා පොලිසියට කට උත්තර දෙමින් බියර් වතුර කරයි

පියෙකු විිසින් සිය මිතුරන් සමග මත්පැන් පානය කරන අවස්තාවේ තම සිගිති දරුවාද එම ස්ථානයේ තබාගෙන දරුවාටද මත්පැන් පෙවීමට කටයුතු කළ අවස්ථාවක් දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දින කිහිපය තුල සමාජ ජාලා තුල විශාල වශයෙන් කතාබහට ලක්වුනා. මෙම වීඩියෝව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ අදාල පුද්ගලයා සොයා පොලිසිය විමර්ශනයක් කලා.

ඒ අනුව අදාළ පියා සහ දරුවා ඊයේ (16) දින මීගලෑව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම හුවමාරු වන වීඩියෝවේ සිටින පුද්ගලයා මීගලෑව, කනංගමුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 14 වෙනිදා සිය නිවස ඉදිරිපිටදී තම අවුරුද්දයි මාස දහයක් වයසැති දරුවා ඇකයේ තබා ගනිමින් මත්පැන් ‍ලේබල සහිත බෝතලයක් කටේ තබා තිබෙන බවයි.

එසේම එම අවස්ථාවේදී ඔහු ඉදිරිපිට සිටි මස්සිනා එය වීඩියෝගත කර මුහුණු පොතට එක්කර ඇති බවත්, දරුවාට ‍පොවන්නේ මත්පැන් බෝතලයක දැමූ වතුර බවත් ඔහු වැඩිදුරටත් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මුහුණු පොතට එක්කර තිබූ වීඩියෝවේ දරුවාද එම ස්ථානයේ තබා ගනිමින් පරුෂ වචන කතාකරන ආකාරය දැක්වුනා.

පියාගේ ප්‍රකාශ පිළිබඳ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!