Breaking News
Home / දේශීය පුවත් / මැදමූලනට හිටපු ජනපති බැහැදකින්න සුසිල්, අමරවීර යයි වැඳ නමස්කාර එන්න ඇහුවත් දිනේෂ් ගම්මන්පිල එරෙහිවෙයි

මැදමූලනට හිටපු ජනපති බැහැදකින්න සුසිල්, අමරවීර යයි වැඳ නමස්කාර එන්න ඇහුවත් දිනේෂ් ගම්මන්පිල එරෙහිවෙයි

ලැබී ඇති ප්‍රථිපල අනුව නිදහස් පක්ෂයට ලැබී ඇති දරුණු පරාජය හමුවේ දේශපාලන අනාගතය වෙනුවෙන් අද උදෑසන වැඳ නමස්කාර කර මැඳමූලන කාල්ටන් නිවසේදි හමු වී තිබෙනවා. රටේ ජනාධිපති වරයාගේ පක්ෂය හතරවන ස්ථානයට වැටීම නිසා ඒ වටා සිටින නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ දේශපාලන අනාගතය පිලිබද දැඩි තැතිගැන්මකට පත්වී තිබෙන නිසා තමන් නැවත ඒකාබද්දයට හෝ එක්කාසු කරගන්න ලෙස මොවුන් දෙදෙනා ඉල්ලා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරනවා.

වර්ථමාන ජනාධිපතිවරයාට කිසිදු ජනබලයක් නැති බැවින් තවත් වසර එක හමාරකින් ඔහුගේ දේශපාලනය අවසන් වන බැවිනුත් ඔහු සමග සිටිම තම දේශපාලන අනාගතයට දැඩි පහරක් වන බවද මොවුන් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.

ඉන් පසු හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ තමන්ගේ කිසිදු අමනාපයක් ඔවුන් සමග නොමැති වුවත් මේ කාරණය පිලිබද ඒකාබද්ද විපක්ෂයේ නායකවරුන්ගෙන් විමසිය යුතු බවත් තනි තීරන ගත නොහැකි බවත්ය.

ඉන්පසු හිටපු ජනපතිතුමන් දිනේශ් ගුනවර්ධන උදය ගම්මන්පිල වැනි නායකයන් හට කථා කර මේ කාරනය පිලිබද විමසීමෙන් පසු ඔවුන් දැඩි විරෝධයක් පා ඇත්තේ ඔවුන්ගේ අමාරු කාලයේ මොවුන් දිගට හරහට පහරදී අද තමන්ගේ දේශපාලන අනාගතය සෙලවන බැවින් එන දෙපිටකාට්ටුවන් තමන්ගේ පෙරමුනට සම්බන්ධ කර නොගන්නා බවයි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් අමරවීර දැඩි ලෙස තැතිගැන්මකට පත්වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනමතය අනුව ඔහුට නැවත පාර්ලිමේන්තු හෝ යෑමට නොහැකි තත්වයකට පත්වී ඇති බැවිනි. කෙසේ වෙතත් මෛත්‍රී සමග සිටින සියළු ඇමතිවරුන් දැඩි උත්සහයක නිරත වන්නේ ජනබලය ඇති පොහොට්ටුව වටා එකතුවී තම දේශපාලන අනාගතය රැක ගැනීමටයි.

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *