Breaking News
Home / ක්‍රිඩා / මැතිව්ස් තමන් නායකයා ලෙස සලකා නොබලන්නයි ඉල්ලා ස්වාධින වෙයි

මැතිව්ස් තමන් නායකයා ලෙස සලකා නොබලන්නයි ඉල්ලා ස්වාධින වෙයි

ලෝක කුසළාණ ක්‍රිකට් තරඟවලියේ නායකත්වය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න අප තවමත් විමසිල්ලෙන් බලා සිටිනවා.වර්තමාන එක්දින කණ්ඩායමේ නායකයා වන ලසිත් මාලිංග එම තනතුරෙන් ඉවත් කරන බව ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙරීම් කමිටු ප්‍රධානී අසන්තා ද මෙල් මහතා ප්‍රකාශ කල බව වෙබ් අඩවියක් සදහන් කරන අතර එය තහවුරු කරගැන්මට දින කිහිපයකින් හැකි.

ඒ අතර තුර ඊයේ(13) අපට වාර්තා වුණේ ඇන්ජලෝ මැත්ව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය භාර ගැනිම ප්‍රතික්ෂේප කර ඇති බවයි.  එනම් නායකයා ලෙස තමන් නොසලකා හරින්නැයි ඉල්ලා තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් පසුගිය සැප්තැම්බර් මාසයේ මත මතභේදාත්මක ලෙස කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරනු ලැබුවා. ඔහු එක් දින තරඟ 106 ක් සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ඒ අතරින් තරඟ 49 ක් ජයග්‍රහණය කර ඇති අතර තරඟ 51 ක් පරාජය වී තිබෙනවා. එසේම අප ගෙනා වාර්තාවල දිගින් දිගටම පැවසුවේ යම් පුද්ගලයකු නායකත්වය ගැනීමට සමාජ මාධ්‍ය හා වෙබ් සිතල යුද්ධයක පහත් ක්‍රියාවක් කරමින් සිටින බවයි. පළමුවෙන් මාලිංගට පුවත් නිර්මාණය වූ අතර දිමුත්ට දැඩි ලෙස පහර දුන් බව අවසන් වාර්තාවේ ගෙන ආ අතර මීලගට මැතිව් හා චන්දිමාල විය හැකි බව අප අනාවැකි පල කළා.

ඒ අනුව මැතිව්ස් සිතා මතාම නායකත්වයට නොසලකා හරින්නැයි කල ඉල්ලීම සමග ඉතිරිවන්නේ චන්දිමාල් වන අතර ඊයේ එනම 13 වනදා රාත්‍රිය වන විට මාලිංග සහ චන්දිමාල් පටලවා අදෘශ්‍යමාන ප්‍රචාරයක් යවා ඇත. ඒ ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්ම ක්‍රිකට් පේජ් එකක සිංහලෙන් දමා තිබුනේ මාලිංග කණ්ඩායමට ගන්නවානම් චන්දිමාල නායකත්වය ගන්න අකමැති බව පවසා ඇති බවයි.

ඒ අනුව ජනප්‍රිය ක්‍රිකට් ගෘප් වලටද මෙම කතාව පතුරා ඇති අතර අප අවසන් වාර්තාවේ පැවසු පරිදිම චන්දිමාල්ගේ ප්‍රතිරූපයට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. දැන් මැතිව්ස් නායක නොවන බව ස්ථිර අතර චන්දිමාල් හෝ දිමුත් පමණක් දැන් වේදිකාවේ සිටින අතර මොවුන් දෙදෙනාගේ ප්‍රතිරූපය රට තුල ක්‍රීඩා ලෝලීන් තුල හානි වූ පසු තිරය පසුපස සිටින පුද්ගලයා තේරුම් කමිටුවේ හා පලකමන්ඩලයේ ආශීර්වාදයෙන් එකවර නායකයා වීමටද බොහෝ දුරට ඉඩ ඇත.

තවත් දින කිහිපයක් මෙය බලා සිටීමට අපට සිදුවන අතර මේ කැත අසික්කිත ක්‍රියාවේ නිරත වන්නාට ඇතුලේ ආශිර්වාදය ලැබුනත් රටක් ආදරය කරන අහිංසක ක්‍රීඩා ලෝලීන්ගේ ශාපය මොහුට ඇස්පනා පිටම වදිනා හැටි අපට දිනක දැකගත හැකි වනු ඇති.

නායකයා පුහුණුකරු ක්‍රීඩකයින් කවුරු වුණත අප රටේ ක්‍රීඩා ලෝලීන්ට එය අදාළ නොවන අතර ක්‍රිකට් නොදන්නා කණ්ඩායමක් හෝ ගොස් ජයග්‍රහණ ලබාගෙන එනවානම් එය හොදටම ප්‍රමාණවත් බවයි කනගාටුවෙන් සදහන් කිරීමට ඇත්තේ.

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!