Breaking News
Home / දේශීය පුවත් / මැතිවරණයට පෙර ඇමරිකාවට ගිය ගෝඨා අද ලංකාවට 2020 ජනපති අපේක්ෂක වීමට ඇමරිකන් පුරවැසිකම අතහරි

මැතිවරණයට පෙර ඇමරිකාවට ගිය ගෝඨා අද ලංකාවට 2020 ජනපති අපේක්ෂක වීමට ඇමරිකන් පුරවැසිකම අතහරි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා “ජනතාව රවටාගෙන හැමදාම ඉන්න බෑ“ යයි කියා සිටියේය.

“අපගේ උත්තරීතර මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කිරීම ස ඳහා ඔබ සැම එකා මෙන් කැපවීමෙන් යුතුව සියලු බාධක අභිබවා මෙම ජයග්‍රහණය උදෙසා දැක්වූ සහයෝගයට සියලු ශ්‍රී ලාංකිකයන්ට මාගේ ප්‍රණාමය පුද කරමි“ යයි පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ පණිවුඩයක් තබා තිබිණ.

මේ අතර පැවති පළාත් පාලන මැතිවරණයේදී මේ වන විට නිකුත්ව අවසන්ව ඇති ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන අතර, එළඹෙන 2020 ජනාධිපතිවරණයේදී එම පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම ස්ථීර වනු ඇතැයි වාර්තා වනවා.

ඒ සදහා සුදානම්වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා, සිය ග්‍රීන්කාඩ් පුරවැසිභාය අහෝසි කරගැනීමට අවශ්‍ය ලියකියවිල භාර දී තිබෙන බවටද වාර්තා පළවනවා.

About lanka

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!