Breaking News
Home / දේශීය පුවත් / මැණික්හින්නේ කලහාකාරි ලෙස හැසිරෙන්නන් නිසා මුරුතලාවේ පල්ලියේ ආරක්ෂාවට ප්‍රදේශයේ බුද්ධ පුත්‍රයෙක් හා සිංහල පිරිසක්

මැණික්හින්නේ කලහාකාරි ලෙස හැසිරෙන්නන් නිසා මුරුතලාවේ පල්ලියේ ආරක්ෂාවට ප්‍රදේශයේ බුද්ධ පුත්‍රයෙක් හා සිංහල පිරිසක්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඊයේ රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් එම පොලිස් නිලධාරියා කීවේය.

එම අවස්ථාවේ ඇති වූ තත්ත්වයකින් පොලිසියේ තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. තුවාල ලැබූ නිලධාරීන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හදිසි නීතිය යටතේ කළබලකාරී තත්ත්වයන් පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවටම බලය ලබා දී ඇති බවද, මේ යටතේ අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබා ගැනීමට පවා නොහැකි බවද කී උසස් පොලිස් නිලධාරියා සාමකාමීව නීතියට අනුකූලව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කළේය.

මේ අතර ඊයේ මුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක ආරක්ෂාව වෙනුවෙන් ස්වාමීන් වහන්සේ නමක හා තවත් පිරිසක් එහි රාත්‍රිය ගත කර ඇති බවද වාර්තාවෙයි.

තෙල්දෙණිය ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවිය.

සිද්ධිය සම්බන්යෙන් මේ දක්වා 30 ත් 35ත් අතර පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 24දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ තෙල්දෙණියේ ඉකුත් දා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්. ඔවුන් මාර්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

About lanka

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!