Breaking News
Home / දේශීය පුවත් / මැකෝගේ දුකට සුභ ආරංචියක්. පළාත් සභා තියන්න අගමැති සහ ආණ්ඩුව සුදානම් වෙයි. පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර බාධක ඉවත් කරන්න යයි

මැකෝගේ දුකට සුභ ආරංචියක්. පළාත් සභා තියන්න අගමැති සහ ආණ්ඩුව සුදානම් වෙයි. පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර බාධක ඉවත් කරන්න යයි

පළාත් සභා ඡන්දය පැවැත්වීම හා මැතිවරණ නීති රීති යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස් කොට නිතිපතිවරයා විසින් නිමා කළ මැතිවරණ නිති කෙටුම්පත්, යාවත්කාලීන කළයුතු යැයි මැතිවරණ කොමිසම අදහස් කරනු ලබන කරුණු, නව නීති හදුන්වාදිය යුතු යැයි සලකනු ලබන ක්ෂේත්‍ර යනාදි කරුණු 13 ක් යටතේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමයන් හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත යොමු කිරිමට පියවර ගනු ලැබීය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි සාකච්ඡාවට ගැනින. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරනු ලැබු ඉල්ලීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය විමසිමට ද සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පියවර ගනු ලැබීය.

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කිරීමට අදාළ සියළු පාර්ශව සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලූ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව වහාම පත් කිරිමට රජය තිරණය කර තිබේ.

About article14

Check Also

හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ විරෝධය දක්වලා

ලෝක කුසලාන තරග මාලාවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!