Breaking News
Home / දේශීය පුවත් / මා ලග නැතත් එදා මේ පුංචි තරුණයාට පද ලියූ කවිකීර්ති හිමියනි ඔබට පින්

මා ලග නැතත් එදා මේ පුංචි තරුණයාට පද ලියූ කවිකීර්ති හිමියනි ඔබට පින්

සම්මානය ගත් පසු චාමර තැබූ සංවේදී සටහන

“සුන්දර ,වින්දනීය වූ ගීත නිර්මාණ ඔස්සේ රසිකයන් අතරට එන්නට එදා මේ පුන්චි තරුණයාට පද රචනා කරදුන් හිමියනේ…ඔබ වහන්සේ අද මා ලඟ නැති උනත් ඔබවහන්සේගේ ගුණ සුවඳ මා ලඟ තිබෙයි… කවිකිර්ති හිමියනේ ඔබවහන්සේට පින්සිදුවේවා.. රන්සිලු අදිපති තුමනි ආදරණීය රන්ජිත් අයියේ, පිය සෙනෙහසට නොදෙවිනි සෙනෙහසකින් මගේ හෙට දවස ආලෝකමත් කරන්නට වෙර දැරූ ඔබට පින්..

ගොඩක් දුක්ගැහැට මැද ජීවිතේ හරි පාර මට කියාදුන් මගේ රත්තරන් අම්මේ ,කලා කරුවකු ලෙස ලබනට හැකි උසස් සම්මානයකට මා උරුමකම් කීවේ ඔබ නිසයි.. අනේකවාරයක් පින් මගේ අම්මේ ඔබට… ඔබ අද මගේ ලග හිටියා නම් ඔබ තරම් සතුටු වෙන කිසිවෙක් නැති වෙයි මගේ තාත්තේ… කොතැනක හෝ සිට නුඹ බලාඇති..මට ජීවිතය දුන් ඔබටද අනේකවාරයක් පින්. දුකසැප දෙකෙහිම මා ලග සිටි මගේ පවුලේ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. අකුරු කියා දුන් ගුරු මවුනි,පියනණි ඔබට ස්තුතියි. මෙතුවක් මා වෙනුවෙන් ගීත නිර්මාණය කර දුන් සංගීතය සැපයූ තනු නිර්මාණය කලසැමට ස්තුති. මෙකී සෑම ගීතයක් ඇසූ ආදරණීය රසික ඔබට ස්තුතියි.මෙවැනි සම්මානයකට මා නිර්දේශ කල TV දෙරණට ස්තුතියි. මෙතැනට එන්නට දිරි දුන් සැමට ස්තුතියි.. බුදුසරණයි.”

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!