Breaking News
Home / දේශීය පුවත් / මා ලග දුශිතයෝ හිටියනම් ගහලා එලවන්නේ කියපු ජනාධිපතිගේ ගෝලයා සියඹලාපිටිය විදුලිබල මණ්ඩලේ රැකියා බෙදයි. වාහන මගඩියකුත් ඒ අස්සේ

මා ලග දුශිතයෝ හිටියනම් ගහලා එලවන්නේ කියපු ජනාධිපතිගේ ගෝලයා සියඹලාපිටිය විදුලිබල මණ්ඩලේ රැකියා බෙදයි. වාහන මගඩියකුත් ඒ අස්සේ

යහපාලන ආණ්ඩුවේ විදුලිබල මණ්ඩලේ ටෙන්ඩර් මගඩියකට හසුවී ඇති විදුලි ඇමති සියබලාපිටිය හා ඔහුගේ ලේකම් පිළිබද කිසිදු පරීක්ෂණයක් මේ වන විටත් ක්‍රියාත්ම නොවෙන අතර විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ජනාධිපති පවසා සිටියේ තමන් ලාග එවැනි ඇමතිවරු සිටියානම් පන්නා දමන බවයි.

එනිසා මෙයින් පෙනීයන්නේ ඔහු තවමත් මේ පිළිබද නොදන්නේ පත්තරේ පළවූ එම ලිපිය ඔහුට මග හැරුණු නිසාදෝ යන්නයි. කෙසේ වෙත්තත් ජනාධිපති ජෙෂ්ට උපදේශක මෛත්‍රී ගුණරත්නද විදුලිබල බන්දලේ ගල් අගුරු ලංකාවට ගෙන එන ආයතනයේ සභාපතිව සිටි අතර එම පත්වීම කලේ ජනපතිවරයායි.

එහිදී තාක්ෂණික අන්දමින් කනෙන් රිංගමින් වැඩිමිලට ගල් අගුරු මිලට ගැනීමට ටෙන්ඩර මගඩියක් ගැසූ අතර එවකට නි අමාත්‍ය අජිත් පෙරේරා විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු එම තනතුරෙන් ඉවත් කරගැනීමට ජනපතිට සිදුවිය.

කෙසේ වෙතත් 26 පත්වුනා කියන්නාවූ ආණ්ඩුවේද විදුලි ඇමතිවරයා වන්නේ රන්ජිත් සියබලාපිටියයි. ඔහු මහින්ද ආණ්ඩු සමයේ දැයට කිරුල ව්‍යාපෘතියෙන් කල දුෂණ වංචා සදහා පරීක්ෂණ අවසන් කර ඇතත් තවමත් එයට නඩු පවරා නැත්තේ කාගේ ගෝලයෙක් නිසාදැයි ප්‍රශ්නයකි.

මේ වන විට විදුලි වෘතිය සමිති විසින් අලුත්ම හෙලිකිරීමක් කරන අතර මහින්ද සිරිසේන පාර්ශවය මැතිවරණයකට යමු යයි කියමින් සිටියදි සියබලාපිටිය විසින් විදුලි බල මණ්ඩලේ පත්වීම් හිතුමතේ බෙදමින් සිටින බව වාර්තා වේ. මේ වන විට වෘතිය සමිති විසින් මේ පත්වීම් දේශපාලන වාසි ලබා ගැනීමට කරන පත්වීම් බව පවසමින් විරෝධතාව පළකරමින් සිටි. මේවා වහාම නවතා කල පත්වීම් අවලංගු කරන්නයි ජනාධිපතිට ලිපියක් යවා තිබෙනවා.

එසේම විදුලිබල මණ්ඩලේ අභ්‍යන්තර වාර්තා සදහන් කරන්නේ පසුගිය වසර තුන හමාර තුල සියබලාපිටිය ඇමතිවරයා වාහන 5ක් භාවිතා කර ඇති බවයි. සාමන්‍ය කැබිනට් ඇමති වරයකුට නිල වශයෙන් වාහන 3 ක් ලැබුනත් මොහු කාටත් හොරා විදුලි සංදේශ අමාත්‍යංශයේ වාහනයක් සහ රාජ්‍ය පරිපාලනය අමාත්‍යංශයේ වාහනයක් ලෙස අමතර වාහන දෙකක් මේ වන විටත් වංචා සහගත ලෙස බාවිතා කරමින් සිටින බව පවසනවා.

ඊයේ(25) විදෙස් මාධ්‍යන්ට පැවසු අන්දමට ඔප්පු වී ඇති තමන්ගේ ගෝල ඇමතිවරු පිළිබද මෙතරම් කරුණු විදුලිබල මණ්ඩලයේම වෘතිය සමිති හෙළි කරද්දී ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!