Breaking News
Home / දේශීය පුවත් / මාව අත් අඩංගුවට ගන්න එපා ගන්න එන එවුන්ව නීතියෙන් තහනම් කරන්නයැයි කියමින් ගෝඨා අධිකරනයට

මාව අත් අඩංගුවට ගන්න එපා ගන්න එන එවුන්ව නීතියෙන් තහනම් කරන්නයැයි කියමින් ගෝඨා අධිකරනයට

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන රීට් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල වුණා.

මෙම පෙත්සමෙන් පොලිස්පතිවරයා, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඇතුළු පාර්ශව කිහිපයක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පැතිර යන රාවය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ භික්ෂුන් වහන්සේ විවිධ අදහස් පළ කළා.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය මුලිකත්වයෙන් ඇරඹි , එළිය නමැති සංවිධානය ගැන ඔහුගේ ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

ඔහු පවසන්නේ ,එළිය සංවිධානය ජාතිවාදී සංවිධානයක් නොවන බවයි.

එහි සාහාසිකයන් නොමැති බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පවසා තිබෙනවා.

“විපක්ෂ නායක තුමා කියා තිබෙනවා එළිය සංවිධානය තුලින් ජාතිවාදය පතුරනවා කියලා

එතුමා ගෞරවනීය, පළපුරුදු දේශපාලඥයෙක් වුවත් එතුමාගේ දේශපාලන කාලය තුලම එතුමා දමිල ජනතාවට කිසිඳු සේවයක් කරන්න පුළුවන් කමක් නොලැබුණේ මේවාගේ බෙදුම්වාදී, ජාතිවාදී, ඇදූරදර්ශ ක්‍රියාකළාපය නිසා. අපි නෙමෙයි ජාතිවාදී – එතුමායි.

එතුමාටත් වඩා දමිල ජනතාව වෙනුවෙන් මම කෙටි කාලයක් තුලදී සේවයක් කර තියෙනවා කියල මට නොභියව කියාන්න පුළුවන්බ

ලය බෙදීමක් තුලින් ජනතාව එකතු කරන්න බැහැ. අවුරුදු 30ක් මෙතරම් පරිත්‍යාග කරලා, ඒ ජයග්‍රහණය ලබාගත්තට පස්සේ ඇයි එදා ත්‍රස්තවාදීන්ට අවශ්‍ය වූ දෙය වෙනත් ආකාරයකින් අපි ලබා දෙන්න සුදානම් වන්නේ ?

ඒකීය වචනය පමණක් මදි – ඒකීය රාජ්‍යක තිබෙන ලක්ෂණ ආරක්ෂා කල දිය යුතුයි,

ඒකීය රටක තිබෙන ලක්ෂණ ව්‍යවස්ථාවෙන් වෙනස් කරන්නේ නැහැ කියා අපට පොරොන්දු විය යුතුයි.”

 

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!