Breaking News
Home / ක්‍රිඩා / ‘මාලි ට්‍රික්’ එක නිසා ලෝක 20 20 ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 20 ක් එකවරම ඉදිරියට එයි

‘මාලි ට්‍රික්’ එක නිසා ලෝක 20 20 ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 20 ක් එකවරම ඉදිරියට එයි

නවසීලන්තය සමඟ පැවති තුන් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේදී පන්දු 4කදී කඩුලු 4ක් දවාලමින් ලෝක වාර්තාවක් පිහිට වූ ශ්‍රී ලංකා පිළේ නායක, ලසිත් මාලිංග අයි.සී.සී. විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 20ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහුට හිමි වී ඇත්තේ එහි 21 වන ස්ථානයයි. එක්දින ජාත්‍යන්තර තරඟවලදී සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලදී පිට පිට පන්දු 4කදී කඩුලු 4 බැගින් ලබා ගත් ප්‍රථම ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංගයි.

ජාත්‍යන්තර කඩුලු ත්‍රිත්වයන් 5ක් සමඟ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 100 ලැබූ ප්‍රථම ක්‍රීඩකයා ලෙස ද මාලිංග ලෝක වාර්තා අතරට එක්වුණා. මිට පෙර ලෝකයේ වැඩිම කඩුලු ත්‍රිත්ව ලබා තිබුනේ පකිස්තාන හිටපු සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම්. ඒ හැට්‍රික් 4 ක්. පන්දු 4 කින් කඩුලු 4 ලබා ගැනීම ලෝකයේ මින් පසු නම් කරන්නේ ‘මාලි ට්‍රික්’ ලෙසයි. ඒ මාලිංගට ගරුත්වයක් ලෙසින්.

කෙසේ නමුත්, තරගාවලියේ ජයග්‍රහණය දෙකට එකක් ලෙස නවසීලන්තයට හිමි වීම නිසා ශ්‍රී ලංකා පිළ අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ 8 වන ස්ථානයේ තවදුරටත් රැදෙනවා.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!