Breaking News
Home / ක්‍රිඩා / මාලි ආයෙත් අයිපිඑල් වැඩ පෙන්වයි. ප්‍රභල කල්කටා කණ්ඩායම 133 ට සිමාවෙයි

මාලි ආයෙත් අයිපිඑල් වැඩ පෙන්වයි. ප්‍රභල කල්කටා කණ්ඩායම 133 ට සිමාවෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (5 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල ලකුණු 133 කට සීමාකිරීමට මුම්බායි පන්දු යවන්නෝ සමත්වූහ.

ආරම්භක පිතිකරු ක්‍රිස් ලයන් පන්දු වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත්තද සෙසු පිතිකරුවන් මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතවූහ.

පන්දු 47 කට මුහුණදුන් රොබින් උතප්පා හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කළද මුම්බායි පිතිකරුවන්ට තර්ජනයන් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා කොල්කටා පිල රැගෙන යාමට ඔහු අපොහොසත් විය.

ප්‍රභල පිතිකරුවන්වූ ඩිනේෂ් කාර්තික් ලකුණු 3 කට දවාගත් ලසිත් මාලිංග, ඇන්ඩි්‍ර රසල් මුහුණදුන් දෙවැනි පන්දුවෙන්ම ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට සමත්විය. පිට පිට දැවීගිය එම කඩුලු 2 හේතුවෙන් කොල්කටා පිල දැඩි අසීරූතාවයකට ලක්විය. ලසිත් මාලිංග කඩුලු 3 ක් ද ජස්ප්‍රීට් බුම්රා සහ හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මූලික වටයේ අවසන් තරගය ලෙස පැවැත්වෙන මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වන අතර මුම්බායි කණ්ඩායමට තරගය ජයගැනීමට හැකිවුවහොත් ප්‍රසාද ලකුණු 18 ක් ලබාගනිමින් දළ ලකුණු වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකිවනු ඇත. එමෙන්ම ප්‍රසාද ලකුණු 12 ක් ලබාගනිමින් දළ ලකුණු වේගය මත දැනට සිවුවැනි ස්ථානයේ පසුවන හයිඩ්‍රාබාද් කණ්ඩායමට සිය ස්ථානය රැකගැනීමට හැකිවනු ඇත.

නමුත් කොල්කටා පිලට තරගය ජයගැනීමට හැකිවුවහොත් ප්‍රසාද ලකුණු 14 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය ලබාගැනීමට අවස්ථාව හිමිවන්නේය. ඒ අනුව දැනට සිවුවැනි ස්ථානයේ පසුවන හයිඩ්‍රාබාද් කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ ඉදිරියට යෑමට අවස්ථාව හිමිනොවනු ඇත.

කාසියේ වාසිය ලැබූ මුම්බායි කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.කොල්කටා නයිට්රයිඩර්ස් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 133 (ක්‍රිස් ලයන් 41, රොබින් උතප්පා 40, නිතිෂ් රානා 26, ලසිත් මාලිංග 35/3, ජස්ප්‍රීට් බුම්රා 31/2, හර්දික් පාණ්ඩ්‍යා 20/2)

About article14

Check Also

පිබිදෙමු පොලොන්නරුව යටතේ එක පෙලට විවෘත කල හිගුරක්ගොඩ බස් නැවතුම්පල කඩා වැටෙයි

“පිබිදෙමු පොළොන්නරුව” නමින් ජනාධිපති සිරිසේනගේ මූලිකත්වයෙන් දියත් වූ සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 100ක මුදලක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!