Breaking News
Home / ක්‍රිඩා / මාලිග ක්‍රිකට් ගැන තීරණයක් ගන්න යයි. තරගයක් දිනවිය නොහැකි නම් තවදුරටත් රැඳී සිටිය යුතු නැහැ.

මාලිග ක්‍රිකට් ගැන තීරණයක් ගන්න යයි. තරගයක් දිනවිය නොහැකි නම් තවදුරටත් රැඳී සිටිය යුතු නැහැ.

තරගයක් දිනවිය නොහැකි නම්, තමන් කණ්ඩායමේ සිටීමෙන් ඵලක් නොමැති බව ලසිත් මාලිංග පවසනවා. සිය ශාරීරික යෝග්‍යතාව පිළිබඳවද තමන්ටත් ප‍්‍රශ්නයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඉන්දියාව සමග ඊයේ පැවති  තරගය පරාජය වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග මේ බව පැවසුවා.

ඉන්දියානු සහ සිම්බාබ්වේ සංචාරවලදි මම අසාර්ථක වුණා. ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනව කියල හිතනව. නැති වෙලා ගියපු ඒ යෝග්‍යතාවය ඉදිරි මාස කිහිපය තුළ යළි ගොඩනගා ගන්න උත්සාහ කරනව. කණ්ඩායම දිනවන්න බැරිනම් කණ්ඩායමක් තුළ තවදුරටත් රැඳී සිටිය යුතු නැහැ. ඉදිරියෙදි බලනව මොකක්ද කරන්නෙ කියල“

ශ‍්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන්ට හේතුව අත්දැකීම් ප‍්‍රමාණවත් නොවීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

වත්මන් තරුණ ක‍්‍රීඩකයින් රැක ගැනීම සඳහා 2019 ලෝක කුසලානය දක්වාවත් ඔවුන්ට වැඩි අවස්ථා ලබාදිය යුතු බවද ලසිත් මාලිංග පැවසුවා. අනෙකා විවේචනය කිරීමෙන් තොරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි ඉහළට ඔසවා තැබීමට සියලූ දෙනා එක්වීමද වැදගත් බවයි ඔහු අවධාරණය කළේ.

-Neth news

About article14

Check Also

මහේල මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය හදන්න නිර්මාණය කල ඉමෝජි දඩුවම නායක රෝහිත් ශර්මාටම මහේල දීලා. රෝහිත් ලජ්ජාවෙන්

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!