Breaking News
Home / ක්‍රිඩා / මාලිංග 20 20 දේශීය පිටියට පය තබමින් කඩුලු අතරට එහෙත් නොසිතු නවක පන්දු යවන්නෙක් ලංකාවේ ප්‍රබලයන් ඇතුළු පළමු කඩුලු 5 බිද හෙලයි

මාලිංග 20 20 දේශීය පිටියට පය තබමින් කඩුලු අතරට එහෙත් නොසිතු නවක පන්දු යවන්නෙක් ලංකාවේ ප්‍රබලයන් ඇතුළු පළමු කඩුලු 5 බිද හෙලයි

ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට ක්‍රීඩා කරන නිදහස් කුසලාන තරඟාවලියට පෙර දේශීය අන්තර්සමාජ  T20 තරඟාවලිය පැවැත්වෙන අතර මේ තරඟාවලිය යටතේ අද දිනයේදී තරඟ කිහිපයක්ම පැවැත්වෙන අතර මෙම තරඟාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ  ක්‍රීඩකයන් කලකට පසුව එකතු වන නිසා තරඟාවලිය කෙරෙහි ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය වැඩිවී ඇත.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණනාවක්ම ක්‍රීඩා කරන NCC කණ්ඩායම සහ කළුතර ක්‍රීඩා සමාජය අතර තරඟයක් අද පැවැත්වුන අතර මේ තරඟයේදී NCC ප්‍රබල කඩුලු 5ක් ලකුණු 20 ක් තුල දවා ගැනීමට කළුතර ක්‍රීඩා සමාජයේ එරංග රත්නායක සමත් වීම විශේෂ කරුණකි,දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු වන එරංග තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වන අතර ආරම්භක පන්දු යවන්නා ලෙස අද පන්දුව බාරගෙන නිරෝෂන් දික්වැල්ල,භානුක රාජපක්ෂ,උපුල් තරංග,දිනේෂ් චන්දිමාල්,සඳුන් වීරක්කොඩි ගේ කඩුලු එරංග දවා ගන්නා විට මෙම ක්‍රීඩකයන් පස් දෙනාම ලබාගෙන තිබුනේ ලකුණු 5ක් පමණක් වීම විශේෂ කරුණකි.

මෙම කඩා වැටීම මත වුවද තරඟය ජය ගැනීමට NCC කණ්ඩායම සමත් වුනේ නායක ඇන්ජලෝ පෙරේරා සහ ෆර්වීස් මහරුෆ් එකතුව ලබාගත් ලකුණු ප්‍රමාණයත් NCC පන්දු යවන්නන් මනා පාලනයකින් පන්දු යැවීමත් නිසාය.

ලකුණු 121 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි කළුතර කණ්ඩායමට NCC ප්‍රබල පන්දු යවන්නන් දැඩි තර්ජනයක් එල්ල කල අතර කළුතර කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 104ක් පමණක් වූ අතර පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහ ලහිරු කුමාර කඩුලු දෙකක් ද චතුරඟද සිල්වා කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ ක්‍රීඩකයන් පෙන්වන දක්ෂතා ඉදිරි සංචිත තේරීමේදී සලකා බලන නිසා  තරුණ ක්‍රීඩකයන්ටද මෙම තරඟාවලියේ පෙන්වන දක්ෂතා ඔවුන්ගේ ක්‍රිකට් අනාගතයට තීරණාත්මක ලෙස බලපානු ඇත.

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!