Breaking News
Home / Video / මාලිංග ජාත්‍යන්තර කඩුලු 500 සම්පුර්ණ කර කැපිලි දාපු කුහකයින්ට කඩුලු 5 අරන් පෙන්නුවත් අලුත් පරම්පරාවේ ක්‍රිකට් වලපල්ලේ බව පෙන්නමින් පිට පිට පැරදෙයි

මාලිංග ජාත්‍යන්තර කඩුලු 500 සම්පුර්ණ කර කැපිලි දාපු කුහකයින්ට කඩුලු 5 අරන් පෙන්නුවත් අලුත් පරම්පරාවේ ක්‍රිකට් වලපල්ලේ බව පෙන්නමින් පිට පිට පැරදෙයි

පන්දුවාර 29 අවසානයේදී තරගයට වර්ෂාව පතිත වීම නිසා තරගය නතර කල අතර පන්දුවාර 20 වඩා ක්‍රීඩා කර තිබු නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 31 ක ජයක් ලබන්න එංගලන්තය සමත් වුනා.

ලකුණු 74 වන විට කඩුලු 5 ක්ම සුපුරුදු පරිදි ලංකාවේ බිද වැටි තිබු අතර එසේ නොවුනානම් කඩුලු අතැතිව සිටියානම් තරගය ජයගන්නද හැකියාව තිබුණි. හෙට අතිරේක දිනයක් තරගයට වෙන් කර තිබුනත් පන්දුවාර 20 ලංකාව සම්පුර්ණ කල නිසා තරගයට තීරණයක් ලැබුණි.

ලංකාවේ පිතිකරුවන්ගේ සුපුරුදු බිද වැටීම අවසානයක් නොවන බව පෙන්වමින් 74/5 දැවී ගියේ පාසල් කණ්ඩායමක් තත්වයට දැන් ජාතික කණ්ඩායම වැටි ඇති බව නැවත තහවුරු කරමින්. පළමු පිතිකරුවන් 5 දෙනාගෙන් කුසල් ජනිත් ලකුණු 30 ලබා ගත අතර ඉතිරි පිතිකරුවන් 4 ම ලබා ඇත්තේ ලකුණු 23 ක් පමණයි.

6 වන කඩුල්ලට අනගි සම්බන්ධතාව පැවැත්වූ ධනංජය සිල්වා සහ තිසර පෙරේරා ලකුණු 66 ක් එකතු කරන්නට සමත්වුනා. තිසර පෙරේරා පන්දු 49 දී 6 පහර 3 ක් සමගින් ලකුණු 44 ක් නොදැවී ලබා ගත් අතර ධනංජය පන්දු 50 දී ලකුණු 36 ලබා සිටියා. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය නොවුනානම් වර්ෂාවට පෙර සියල්ල දැවී යාමටද තිබුනා.

Image may contain: one or more people, people playing sports and outdoor

පන්දු යැවීමේදී නැවත ලංකාවේ වර්තමාන පරම්පරාවට කිසිම ශක්තියක් නොමැති බව පෙන්වමින් මාලිංග 44 කට කඩුලු 5 ක් ගත් අතර ඔහු නොසිටින්න එංගලන්තය ලකුණු 300 පසු කරනවා නිසැකයෙන්.

Image may contain: one or more people, people playing sports, shoes and outdoor

එසේම මාලිංග අද ලබාගන්නේ ජාතන්තර පිටියේ 500 වන කඩුල්ල වන අතර කඩුලු 5 බැගින් ලබාගත් 8 වන අවස්තාව වන අතර 4 ට වඩා ලාබාගත් 18 වන අවස්තාව.

ඒ අනුව එංගලන්තය තවත් තරග 3 ක් ඉතිරිව තිබියදී තරග 1-0 ලෙස ඉදිරියෙන් සිටිනවා

2014 අගෝස්තු 30 න් පසු ලංකාව දඹුල්ලේ ජයග්‍රහණයක් ලබා නැති අතර අවසන් තරග 9 ම පිට පිට පරාජයට පත්වී ඇත. තත්වය එසේ තිබියදී මෑතක සිට දඹුල්ලට සංචාරයකින් තරග දෙකක් අනිවාරෙන් ලැබෙන ස්වභාවයකුත් තිබේ. ක්‍රිකට් රටවල් අතරින් දුෂිතම රාජ්‍ය ලෙස අයිසිසිය ලංකාව නම් කල පසුබිමක මෙතනත් අභිරහසක් නැතියි කීමට තරම අප නිවට නැත.

අනෙක් කාරණය නම් දැන් කණ්ඩායම සිටින ක්‍රීඩකයන් කිසිම ධෛරිය සම්පන්න පුද්ගලයන් බවට පෙනී යන්නේද නැ

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් පළමුව පිටියට පැමිණි එංගලන්තය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස්කර ගත්තේය.

දිනයේ පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ ලසිත් මාලිංග එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී දකුණතින් පිත්ත හසුරවන ජේසන් රෝයිව ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

නමුත් එතැනින් එංගලන්ත කණ්ඩායමට වැටීමට ඉඩ නොදුන් එංගලන්ත ජෝ රූට් හා ජොනී බෙයාර්ස්ටෝව් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් සබඳතාවයක් ගොඩනැංවූ අතර බෙයාර්ස්ටෝව් මේ තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 2000 සීමාව ඉක්මවා ගිය 27 වැනි ක්‍රීඩකයා බවට පත්වූයේ 2018 වසරේ දී ලබා ගත් ලකුණු ප්‍රමාණය 1000 සීමාව ද ඉක්මවා යමිනි.

කෙසේ නමුත් ඔහු 4 පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබාගෙන සිටිය දී තිසර පෙරේරා කඩුල්ල වෙතම එවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

ලක්ෂාන් සඳකැන් එවූ ෆුල්ටෝස් පන්දුවකට හරවා වේගවත් පහරක් එල්ල කළ රූට්ව සිය ක්‍රිකට් දිවියේ ලබා ගත් 29 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට තවත් ලකුණු දෙකක් ඉතිරිව තිබිය දී දවා ගැනීමට තිබුණ ද මිඩ් විකට් කලාපයේ සිටි ධනංජය ද සිල්වා හට ඒ උඩ පන්දුව නිසියාකාරව කර ගැනීමට නොහැකි වූ නිසා රූට් එම ඉලක්කය සපුරා ගත්තේය.

රූට් හා එක්වූ එංගලන්ත නායක ඉයන් මෝර්ගන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් වැදගත් ලකුණු 68ක් එංගලන්ත ලකුණු පුවරුවේ සලකුණු කරන ලදි. එම සබඳතාවය අවසන් වූයේ ලකුණු 71ක් ලබා සිටි රූට්ගේ දැවී යාමට සමඟ වන අතර ධනංජය ද සිල්වාගේ පන්දුවට අකිල දනංජය වෙත උඩ පන්දුවක් ලබා දීමෙන් රූට්ගේ ඉනිම අවසන් විය.

Image result for sri lanka vs england 2018

පන්දු 83ක් පුරාවට වර්ණවත් වූ ඔහුගේ ඉනිමට 4 පහර 6ක් අන්තර්ගත විය. ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ලකුණු 15කට දැවී ගියේය.

තරගයේ 42 වන පන්දුවාරය මේ තරගයේ එංගලන්ත ඉනිමේ යම් හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වූයේ රත්ගම කොල්ලා නොහොත් ලසිත් මාලිංග ඔහුගේ ආවේණික ඉපැරණි ක්‍රීඩා විලාසයට යළිත් අවතීර්ණ වෙමින් පන්දු 2ක් තුළ කඩුලු 2ක් දවා ගත්තේ එතෙක් වේලාවක් පිටියේ ස්ථාවරව සිටිමින් ශතකයක් අභියස සිටි නායක මෝර්ගන් හා ප්‍රබල වමත් පිතිකරුවෙක් වන මොයීන් අලීව දවා ගනිමිනි.

දක්ෂ පිතිකරණයක නිරත වෙමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 40 වන අර්ධ ශතකය සම්පූර්ණ කරගනිමින් එංගලන්ත මැදපෙළ සවිමත් කළ මෝගන් 4 පහර 11ක් හා දැවැන්ත 6 පහර 2ක් සමඟ ලකුණු 92ක් ලබා ගත්තේය.

අලී ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ මාලිංගගේ තුරුම්පු පන්දුවක් වන යෝකර් ලෙන්ත්හි පතිත වන වේගය අඩාල කළ පන්දුවකටයි. ඒ කඩුල්ල මාලිංගගේ ක්‍රිකට් දිවියේ ලබා ගත් 500 වැනි කඩුල්ල විය. ජොස් බට්ලර් ලබාගත්තේ ලකුණු 28යි. ඒ කඩුල්ල නුවන් ප්‍රදීප්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

එංගලන්ත පසුපෙළ සුනුවිසුනු කළ දැමූ මාලිංග හා නුවන් ප්‍රදීප් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාර 4 තුල ඔවුන්ට ලබා දුන්නේ ලකුණු 29ක් පමණයි. අදිල් රශීඩ් (19*) හා ඔලී ස්ටෝන් (9*) නොදැවී ක්‍රීඩා කරමින් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 24*ක් සිය කණ්ඩායමට එකතු කළේය.

පන්දු යැවීමේ දී දක්ෂ පන්දුකරණයක නිරත වූ මාලිංග සිය නියමිත පන්දුවාර 10 තුල ලකුණු 44කට කඩුලු 5ක් දවාලන ලදි.

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!