Breaking News
Home / දේශීය පුවත් / මාලිංග ගැන මැතිව්ස් ගුණ වයයි

මාලිංග ගැන මැතිව්ස් ගුණ වයයි

මාලිංගගේ ආගමනය කණ්ඩායමට ශක්තියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔහු අත්දැකීම් පිරි ක්‍රීඩකයෙක් වගේම හොඳින් දන්නවා කණ්ඩායමට ඔහුගෙන් අවශ්‍ය දේ මොනවාද කියන එක. ඔහු තරග දිනවන්නෙක් ලෙසත් ප්‍රසිද්ධයි. ඒ වගේම ඔහුගේ අදහස් අනෙක් ක්‍රීඩකයන්ට බොහොම වැදගත් බව කිව යුතුමයි ” යනුවෙන් පවසන මැතිව්ස් අයිපීඑල් තරගාවලියේදී මාලිංග හොඳින් පුහුණුවීම් සිදුකරමින් තරග අත්දැකීම් ලබා තිබිම තුළ ඔහුගේ දක්ෂතා දියුණු කරගෙන කණ්ඩායමට එක්වනු ඇතැයි විශ්වාශය පළ කළා.”එංගලන්ත සංචාරයට කල් ඇතිව යෑමෙන් අපිට හැකිවුණා, මීට පෙර බංග්ලාදේශ තරගාවලියේදී තිබුණ යම් යම් දුර්වලතා ගැන වැඩි අධ්‍යයනයක් කර ඒ ගැන වැඩි අවධානයක් ගැනීමට. පන්දු රැකීම ගොඩක් වැදගත්. ඒ වගේම පන්දු යැවීම හා පිතිකරණය ගැනත් අමතක කරන්න බැහැ. හැමදාම අපි පුහුණුවීම් තුළින් මේ පිළිබඳව වැඩි අත්දැකීම් ලබාගත්තා. ඒ වගේම මෙවර කලකට පසුව ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින පිල සමග එක්වීම ලොකු රුකුලක් බව කිව යුතුයි.

චැම්පියන්ස් තරගාවලියට සති 2කට පමණ පෙර එංගලන්තයට යෑමෙන් පුහුණු තරග 4ක් ක්‍රීඩා කිරීමට ලැබෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ අනුපිළිවෙළ වඩාත් හොඳින් සකස් කර ගැනීමට හැකිවන බව පවසන මැතිව්ස් එංගලන්ත දේශගුණික තත්ත්වයන්ට හුරුවීම චැම්පියන්ස් කුසලානයේදී වඩාත් වැදගත් බව පවසනවා.

 

 

 

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!