Breaking News
Home / ක්‍රිඩා / මාලිංග ආයෙත් නෑ. පරණ කීපදෙනෙක් ඇතුලට දාලා බංගලි තුන්කොන් සටනට හතුරුට සංචිතයක්. 28 වැඩ අරභයි

මාලිංග ආයෙත් නෑ. පරණ කීපදෙනෙක් ඇතුලට දාලා බංගලි තුන්කොන් සටනට හතුරුට සංචිතයක්. 28 වැඩ අරභයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ සහභාගිවන පළමු තරගාවලිය ලෙස සිම්බ්බාව්වේ, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවැත්විමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය බවට පත්ව ඇත.

තුන්කොන් එක්දින තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් හා විස්සයි20 තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ඩකාහිදී පැවැත්වෙන අතර චිතගොන් සහ ඩකා හිදි ටෙස්ට් තරග දෙකත් ශිලාත් සහ ඩකාහිදි විස්සයි20 තරග දෙකත් පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක සමගින් එක් කණ්ඩායමක් තරග දෙක බැගින් ක්‍රීඩා කරන අතර ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය ජනවාරි 25 වැනිදා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නව පුහුණුකරු චන්දික  හතුරුසිංහ පත්වීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකාව මෙහෙයවන පළමු තරගාවලිය මෙය වෙයි.බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන්නේ චන්දික හතුරුසිංහයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව එම එක්දින සංචාරය සදහා 23දෙනෙකුගෙන් යුත් මුලික සංචිතයක් නමි කර ඇති අතර එම නම් කළ සංචිතය බංගලාදේශ සංචාරය සදහා පිටත්ව යන තෙක් එම ක‍්‍රීඩකයින් පළමු පෙළ තරගවලට සහභාගී කර නොගන්නා ලෙසටද නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉල්ලා  ඇති බව ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් වාර්තා වෙයි.

ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා හතුරුසිංහ කළ ඉල්ලීමට කැමැත්ත පළ කර ඇති අතර  පළමු පුහුණු සැසිය දෙසැම්බර් 28වැනිදා ආරම්භක කිරීමට නියමිතව ඇත

කෙසේ වෙතත් එම නම් කළ සංචිතය සදහා ප‍්‍රබල වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් කර නොමැති අතර ඉන්දීය සංචාරයෙන් ඉවත් කෙරුණු කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට කැදවා ඇත.

බංග්ලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ජනවාරි 15 දා පැවැත්වීමට නියමිත එක්දින තරගයෙන් තුන්කොන් තරගාවලිය ආරම්භ වෙයි.

තුන්කොන් එක්දින තරගාවලියේ කාල සටහන..

ජනාවාරි 15 – සිම්බාබ්වේ  – බංග්ලාදේශය
ජනවාරි 17 – සිම්බාබ්වේ – ශ්‍රී ලංකාව
ජනවාරි 19 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 21 – ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
ජනවාරි 23 – බංග්ලාදේශය- සිම්බාබ්වේ
ජනවාරි 25 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 27 – අවසන් මහ තරගය

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

error: Content is protected !!