Breaking News
Home / දේශීය පුවත් / මාධ්‍ය වැඩියෙන්ම සපෝට් පොහොට්ටුවට. එහෙනම් මාධ්‍යටත් ඕන කම්මුතු වෙන්නද? – රනිල්

මාධ්‍ය වැඩියෙන්ම සපෝට් පොහොට්ටුවට. එහෙනම් මාධ්‍යටත් ඕන කම්මුතු වෙන්නද? – රනිල්

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්‍ෂ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද රටට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව අනාගතය සුරක්‍ෂිත කරන්නෙකු බව අවධාරණය කළේය.

අද (09) දින අරලියගහ මන්දිරයේදී කොළඹ කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ තව දුරටත් පැවසූයේ ගතවූ වසර කිහිපය තුල ආණ්ඩුව විවිධ අපහසුතා මධ්‍යයේ ගොඩනැගූ සංවර්ධනයත් රටත් විනාශ කරන කම්මුතුකරුවෙකුට රට බාර නොදී රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කරගන්නා ලෙස තමන් සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය. =පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි. සංවර්ධනය කම්මුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි. නගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි. එහෙම නම් රට බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන් විමසා සිටිනවා.

අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි. මට මාධ්‍යයෙන් බණින ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද? එහෙම වුනොත් ඔබට අද ලබාදී තිබෙන නිදහස කුමක් වේද? ඔබේ ජීවිතය හා මේ රටේ අනාගතය ඔබ කම්මුතු කරනවාද?

කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!