Breaking News
Home / Video / මාගම්පුර වරායේ සිංහ කොඩිය පහලට දැම්මායයි පවසමින් සමාජයේ දේශද්‍රෝහි කථාවක් ඇති කල පුවතේ ඇත්ත කථාව

මාගම්පුර වරායේ සිංහ කොඩිය පහලට දැම්මායයි පවසමින් සමාජයේ දේශද්‍රෝහි කථාවක් ඇති කල පුවතේ ඇත්ත කථාව

පහුගිය දවසක රුහුණු මාගම්පුර වරායෙ කොඩි කණුවක් කොට කරපු කතාවක් අල්ලාගෙන බොහෝ අය දගලන්නට උනා..රටවල ජාතික කොඩි ඔසවා තැබීමේදී ‘International Protocol’  එකක් තියනවා. ඒක හරියට ජාතික උත්සවයකදි අසුන් පනවනවා වගේ නිශ්චිත පටිපාටියකට කෙරෙන දෙයක්.

ජාතික කොඩි ඔසවා තැබීම සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර පටිපාටියට අනුව, රටවල් කිහිපයක කොඩි එසවීමේදී, එම භූමිය අයත් රටේ කොඩිය දකුණු පස කෙළවරේත්, අනෙකුත් කොඩි එයින් වම් පස, එම රටේ ප්‍රධාන ව්‍යවහාර භාෂාවට අනුව අකාරාදි පිළිවෙලටත් ඔසවා තැබිය යුතුයි. ඒ වගේම එම රටවල් අතර යුධමය තත්වයක් නොපවතී නම් එකක් පරයා අනෙක ඔසවා තැබීමක් සිදු නොකළ යුතුයි.

එසේ කිරීම ජාත්‍යන්තරව පහත් කිරීමක් ලෙස සැලකීමයි ඒකට හේතුව.

කෙසේ වෙතත් පසුගිය 2 වනදා රාත්‍රී පුවත් වලින් හිරු නාලිකාව පැවසුවේ ලංකාවට අගෞරවයක් කරමින් සිංහ කොඩිය පහත දැමූ බවයි. මේ පිළිබද කරුනු සොයා බලා රටක් හමුවේ තැබීමට විද්‍යත් මාධ්‍යක් ලෙස වගකීමක් තිබිය යුතුයි.

හිරු නාලිකාවේ එම වාර්ථාව මත එක් එක් පුද්ගලයන් දෙකට බෙදී දේශප්‍රේමි දේශද්‍රෝහි ලෙස සමාජ ජාලා වල කා කොටාගන්නා ආකාරයක් තවමත් අප දකිනවා.

එම පුවත් වාර්ථාව පහතින්

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!