Breaking News
Home / Video / ‘මහේල සර් නවක පළපුරුදු කියලා වෙනසක් නැතුව අපට කියලා දෙනවා’ ලංකාවේ එකාට පොඩි වැඩි වුන මහේල ගැන ඉන්දියාවේ ක්‍රීඩකයින් කියන කතා

‘මහේල සර් නවක පළපුරුදු කියලා වෙනසක් නැතුව අපට කියලා දෙනවා’ ලංකාවේ එකාට පොඩි වැඩි වුන මහේල ගැන ඉන්දියාවේ ක්‍රීඩකයින් කියන කතා

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ අදහස් දැක්වීම් පිළිබද වීඩියෝවක් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට ඇතුලත් කර තිබෙනවා.

එහිදී මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරන රාහුල් චහාර් මහේල ජයවර්ධන ගැන අදහස් දක්වමින් මෙසේ කියා සිටියා “මහේල සර් කවදාවත් අපිට වෙනසක් කරන්නේ නැ.මෙයා සුපිරි ක්‍රීඩකයෙක්,මෙයා සුපිරි ක්‍රීඩකයෙක් නෙමේ කියලා අපිට කවදාවත් වෙනසක් කරේ නැ.හැමදෙනාටම එක වගේ කියලා දෙනවා ”

Image result for mahela jayawardene mumbai indian emoji punishment

ඒ වගේම මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරන අන්කුල් රෝයිද පවසා සිටියේ මහේල ජයවර්ධන සමග පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ලැබීම ඉතාමත් හොද අත්දැකීමක් බවයි.ඔහුගේ උපදෙස් ඉතාමත් වටිනා බවත් ඒ උපදෙස් අනුව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

නමුත් අවසානවාට කාරනාව පසුගිය කාලයේ පුහුණුකරුවකු සොයන විට ලංකාවේ සභාපති පවසා සිටියේ මහේල පොඩි වැඩි බවයි.

එහෙත් ඉනිදියානුවන් ලොව සිටින දක්ෂතම පුදගලයන් මුදල්දී තම රටේ එක එක කොටස් වලට බදවාගෙන ඔවුන්ගේ නව ක්‍රීඩකයින් තම කණ්ඩායමට සදා ගැනීමෙන් ලොව ප්‍රබල කණ්ඩායමක් බවට තව දශක ගනනාවක් බැබළෙනු නිසැකයි.

ලංකාවේ ප්‍රභලම සම්පත් තුනක් මේ වන විට අයිපිඑල් නියෝජනය කරන්නේ පුහුණුකරුවන් ලෙසයි. නමුත් කණ්ඩායමක එක ක්‍රීඩකයකුවත් ක්‍රීඩා නොකරයි. එහෙත් අයිපිඑල් මට්ටමට ලෝකයේ ප්‍රභාලයන් වීමට එදා කණ්ඩායම් වල ක්‍රීඩකයින් හත් අටදෙනකු ක්‍රීඩා කළා.

අද ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩකයින් ලංකාවට නොමැති වග පෙන්වීමට මේ උදාහරණය ඉතාම ප්‍රමාණවත්. එසේම සිටිනා ක්‍රීඩකයිනුත් සැමදිනම අබාදයට ලක්වීම ඊටත්වදා කරුමයකි. එවන් පසුබිමක් සැදු පුදගලයින් නැවත නිතරගයෙන් සභාපති වන බව ඔහු විසින්ම මේ වන විට මාධ්‍යට පවසමින් යාමත් හදවත කම්පාවෙන සිද්දියකි.

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!