Breaking News
Home / ක්‍රිඩා / මහේල සංගා මුරලි කාලයක් කණ්ඩායමේ ගහපු නිසා අනිත් අයට අවස්ථා ලැබුනේ නැ කියන චෝදනාව නොදන්නා කම. එයාලාගේ යෝජනා සිලෙක්ටර්ලා අහක දාලා – ජයන්ත

මහේල සංගා මුරලි කාලයක් කණ්ඩායමේ ගහපු නිසා අනිත් අයට අවස්ථා ලැබුනේ නැ කියන චෝදනාව නොදන්නා කම. එයාලාගේ යෝජනා සිලෙක්ටර්ලා අහක දාලා – ජයන්ත

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා අතර තීරණාත්මක තුන්වන එක්දින තරගයේ විශේෂ සාකච්චාවකට සහබාගි වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හා පුහුණුකරුවකු හිටපු කළමනාකරුවකු මෙන්ම විශේෂ විචාරකයකු වන ජයන්ත සෙනෙවිරත්න මහතා සහභාගී වුනා.

Image result for jayantha seneviratne

එහිදී ප්‍රශ්නයක් මතුවූ අතර එය වුනේ මුරලි සංගා මහේල කාලයක් එක ස්ථානයේ ක්‍රීඩා කල නිසා තව ආදේශ ඒ පසුපස හැදුනේ නැ කියා සමාජයේ චෝදනාවක් ගොඩනගාගෙන යන බවයි.

එහෙත් මහේල හා සංගා සමග මේ ගැන කතා කල අතර ඔවුන් මෙය ගැන කණගාටු වන බවත් ඔවුන් ජයන්ත සමග පවසා ඇත්තේ ඒ කාලයේදී යම් තරගාවලියක් කලින් ජයග්‍රහණය කර ඇතිනම් සංගා හා මහේල යොජානා කර ඇත්තේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය නොවන නිසා තමන් දෙදෙනා ඉවත්වී නව ක්‍රීඩකයන් අත්හදා බැලිය හැකි බවයි.

Image result for jayantha seneviratne

එහෙත් එවකට බලධාරීන් හා තේරුම් කමිටු පවසා ඇත්තේ කණ්ඩායම වෙනස් නොකළ යුතු අතර එවිට කණ්ඩායමේ ස්බාවය කැඩී ගොස් කණ්ඩායම අවුල් වන බවයි. එනිසා කොතරම් සාර්ථක තරගාවලියක් වුවත් මුළු ශක්තියම යොදා ක්‍රීඩා කල යුතු බව බලධාරීන් සංගා සහා මහේලට පවසා ඇති බව ජයන්ත මහතා පවසනවා.

Image result for kuma sangakkara and mahela

ජයන්ත සෙනෙවිරත්නයන් පවසන්නේ එලියට පේන දේට වඩා සමාජය නොදන්නා බොහෝ කරුණු මේ ඇතුලත තිබෙන නිසා කරුණු නොදැන ඔවුන් දෙදෙනාට නෝක්කාඩු කීම අසාධාරණ බවයි.

සංගා මහේල මුරලි කියන්නේ ලංකාවේ කන්දයම්වේ සිටි ක්‍රීඩකයන් පවා අසීමිතව ආදරය කල ක්‍රීඩකයන් බවත් ඔවුන්ට රට ජයග්‍රහණය කල යුතුයි කියා මහා අධිෂ්ටානයක් තිබු ආදරණිය චරිත බවද ජයන්ත මහතා පවසනවා.

Image result for kuma sangakkara and mahela

අවස්ථා ලබා දීත් එය දැන් කිසිවකු ප්‍රයෝජන නොගත් බවද තවද පසුගිය කාලයේ ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 50 කට වඩා අවස්තාව ලැබුනත් ලැබුන අවස්තාව ප්‍රොයෝජන ගැනීමට දැඩි මානසිකත්වයක් ඒ නවක ක්‍රීඩකයාට තිබිය යුතුමයි බව වැඩි දුරටත් ජයන්ත පවසනවා.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!