Breaking News
Home / ක්‍රිඩා / මහේල පුහුණුකරු ලෙස පකිස්ථාන සංචාරයට ලබන සතියේ අවසන් තීරණයට

මහේල පුහුණුකරු ලෙස පකිස්ථාන සංචාරයට ලබන සතියේ අවසන් තීරණයට

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සමයේ ශ්‍රී ලංකාව මෙහෙයවූ ආකාරය දෙස් විදෙස් ක්‍රීඩා විචාරකයන් පවා අදටත් ඒ පිලිබදව කතා බහට ලක්කරන්නේ ඔහුගේ ඇති සුවිශේෂී දක්ෂතාවය නිසාය.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුකරු ධුරය දරන මහේල ජයවර්ධන මෙවර මුම්බායි ඉන්දියන්ස් පිල අයි.පි.එල් තරගාවලයේ ශුරයන් බවට පත් කිරීමට තරම් මහේලගේ පුහුනුකාරිත්වය උපයෝගී විය.

මේ වන විට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සකාච්ජා කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කර සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්තාන සංචාරයෙදී ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන එක් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහේල ජයවර්ධන අතර මේ වන විට සාකච්ජා මට්ටමේ පවතින අතර ඉදිරි සතිය ඇතුලත මේ පිළිබද අවසන් තීරණයට එලබීමට නියමිතව ඇත.

මේ වන විට පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා 15 කුගෙන් යුත් සංචිතයක් තෝරා ගැනීමේ කටයුතු දිනේෂ් චන්දිමාල් සහ තිලංග සුමතිපාල විසින් කල අතර පකිස්ථානය සමග තරගාවලිය ආරම්භ කරමින් ප්‍රථම ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 28 වනදාය.

 

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!