Breaking News
Home / දේශීය පුවත් / මහේල ඉන්දියාවේදි කරන්නේ මාලිංග චැම්පියන්ස් කුසලානයට සූදානම් කිරීමලු

මහේල ඉන්දියාවේදි කරන්නේ මාලිංග චැම්පියන්ස් කුසලානයට සූදානම් කිරීමලු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC චැම්පියන්ස් කුසලානයට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මේදිනවල මහනුවර ප්‍රදේශයේ විශේෂ පුහුණු වැඩ මුළුවකට සහභාගී වෙමින් සිටී.මෙම වැඩමුළුව පල්ලෙකැලේ ක්‍රීඩාංගනයෙදී දින 8 ක් පැවැත්වීමට නියමිතය.

මෙම පුහුණුවීම් අතරතුර ඉන්දියාවේ වෙබ් අඩවියක් සමඟ අදහස දක්වා ඇති ශ්‍රී ලංකා කණ්ඩයමේ කළමනාකරු අසංග ගුරුසිංහ පවසා ඇත්තේ මෙම කදවුර ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස එකතු කිරීමට මහත් දායකත්වයක් දක්වන බවයි.

” ඇත්තටම අපි කොළඹදීත් පහුගිය දින වල පුහුණුවීම් කලා ,අපේ අරමුණ තමයි මේ කාලේ අපේ කණ්ඩායම පුළුවන් තරම් එක පොකුරක් වගේ තියන එක,ඒකට මේ නේවාසික කඳවුර ගොඩක් උදව් වෙයි කියල හිතනවා.අපේ ප්‍රදාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම සහ ශාරීරික යෝග්‍යතාවය උඩින් තියාගන්න එක.

“ඇන්ජලෝ අපේ පුහුණු කඳවුරට අඟහරුවාදා එකතු වෙනවා,මාලිංග එක්ක අපි හැමදාම කතාකරනවා,එයා පුළුවන් තරම් ක්‍රීඩා කරවන එක තමයි හොඳම දේ.ඇත්තටම මුම්බායි පුහුණුකරු මහේල ලොකු කැපවීමක් කරනවා ඉන්දියාවේ ඉදගෙන මාලිංග චැම්පියන්ස් කුසලානයට ක්‍රීඩා කරවන්න.ඇත්තටම අපි මහේලට ඒකට ස්තුති කරන්න ඕන .මාලිංග චැම්පියන්ස් කුසලානයට එන එක ගොඩක් වටිනවා .එංගලන්තේදී ප්‍රදාන සාදකයක් තමයි මාලිංග.”

මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට එකතුවෙන දිනය සම්බන්දයෙන්ද ගුරුසිංහ අදහස් දක්වා ඇත.

“අපි මාලිංගගේ ශරීර යෝග්‍යතාවය ගැන නිතරම සොයල බලනවා.මම හිතන්නේ මාලිංග අපි එංගලන්තයට යන්න කලින් අපේ කණ්ඩායම එක්ක එකතු වෙයි.තරඟාවලියට කලින් තියන පුහුණු තරඟ හතරෙන් තුනක් වත් මාලිංග ක්‍රීඩා කරවල පන්දුවාර 7-8 එයාට කියල දාන එක තමයි අපේ අරමුණ.”

අලුතෙන් කණ්ඩායම සමඟ එකතු වූ ඇලන් ඩොනල්ඩ් සම්බන්දයෙන් අදහස් දක්වන ගුරුසිංහ,

“ඇත්තටම ඩොනල්ඩ් ලොකු දෙයක් කරනවා මේ දවස් වල,පලවෙනි පන්දුවාර 10 දාන්නේ කොහොමද අවසන් පන්දුවාර 10 දාද්දි මොන දේවල්ද කරන්න ඕන කියන දේ ඩොනල්ඩ් මේ දවස් වල පුහුණු කරමින් ඉන්නේ,ඩොනල්ඩ්ගේ පලපුරුද්ද වගේම දකෂතාවයත් ගොඩක් වටිනවා අපේ කණ්ඩායමට.”

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!