Breaking News
Home / දේශීය පුවත් / මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුධූරය දීමට සූදානමක්

මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුධූරය දීමට සූදානමක්

මෙවර අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් ඛන්ඩායම සුපිරි දක්ෂතා දැක්වීමට සමත්වී තිබෙනවා. එහි ප්‍රධාන පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනයි. දැනට මුහුන දුන් තරග 10 න් 8 ක්ම ඔවුන් ජයගත් අතර ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග අවසන් තරගයේදී අයිපීඑල් ඉතිහාසයේ කඩුලු 150 ගත් එකම හා පලමු ක්‍රීඩකයා බවටද පත් වුනා.

මුම්බායි කණ්ඩායම දක්වන දක්ෂතා සදහා ප්‍රධාන පුහුණුකරුගේ අත්දැකීම් බලපා ඇති බවයි ඉන්දියාවේ සහ අප රටේ බලධාරීන්ගේ මතය. මහේල යනු සැලසුම් සහගත සහ උපක්‍රමශීලී ක්‍රිඩකයෙකි. එනිසා 2019 ලෝක කුසලානය සදහා යන ගමනේ වර්ථමාන පුහුණුකරු වෙනුවට මහේල ජයවර්ධන යොදා ගැනීම කෙරෙහි ක්‍රිකට් පරිපාලනයේ අවධානය යොමුවී ඇතිබව සදහන් වෙනවා. කෙසේ වෙතත් ඒ පිළිබද කිසිදු ප්‍රථිචාරයක් මහෙලගේ පාර්ශවයෙන් ලැබී නෑ. මෙය තවමත් පරිපාලනයේ මතයක් පමණක් බව වාර්ථාවනවා.

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!