Breaking News
Home / ක්‍රිඩා / මහේලගේ මුම්බායි කන්ඩායම තවත් පහලට වැටෙයි. ගියවර කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් අතහැරි පාපය හිමිකරුවන් විඳවයි

මහේලගේ මුම්බායි කන්ඩායම තවත් පහලට වැටෙයි. ගියවර කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් අතහැරි පාපය හිමිකරුවන් විඳවයි

පසුගිය වර්ෂයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කල ජොස් බට්ලර් නොදැවී ලබාගත් ලකුණු 94 ක විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක අජින්ක්‍යා රහනේ පළමුව පන්දු රැකීමට තීරණය කළේය.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් අවසන් වරට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයටද සහභාගී කරවා තිබු අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකරමින් ඩි‘ආසී ශෝර්ට්, ශ්‍රීයාස් ගෝපාල් සහ ධාවල් කුල්කර්නී කණ්ඩායමට කැඳවා තිබිණි..පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන්වූ සූර්යකුමාර් යාදව් සහ එවින් ලෙවිස් සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ල සදහා පන්දු 64 කදී ලකුණු 87 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර අර්ධ ශතකයක් ලබාගත් එවින් ලෙවිස් පන්දු 42 කට මුහුණදෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 60 ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

රෝහිත් ශර්මා මෙම තරඟයේ තමා මුහුණ දුන් පළමු පන්දුවෙන් දැවී යාම සහ මුම්බායි මැදපෙළ අවශ්‍ය වේගයෙන් ලකුණු අතරට නොපැමිණීම මෙම තරඟයේ මුම්බායි කණ්ඩායමට අවාසිදායක ප්‍රතිපලයක් ලැබීමට හේතුව විය.

රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ ජොෆ්රා ආචර් සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර බෙන් ස්ටෝක්ස්ද කඩුලු 2 ක් දවාගන්නට සමත් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ජොස් බට්ලර් ජයග්‍රහණය තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 94 ක් රැස් කිරීමට සමත්වූ අතර පන්දු 53 කට මුහුණදුන් ජොස් බට්ලර්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් ඇතළත් විය.
අජින්ක්‍යා රහනේ සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 74 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ජොස් බට්ලර් තෙවැනි කඩුල්ල සදහා සංජු සැම්සන් සමගින් පන්දු 28 කදී ලකුණු 61 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය ජෝස් බට්ලර්ට හිමි විය.

පසුගිය වතාවේ මුම්බායි නියෝජනය කල 2018 වසරේ නොසලකා හැරිය ක්‍රීඩකයන් තම වැඩ මුම්බායි බලධාරීන්ට පෙන්නු දවසක් වූ ඊයේ රයිදු ශතකයක් ලබද්දී බට්ලර් මුම්බායි පිළට එරෙහිවම පහර දීම විශේෂ සිද්දියක් විය.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඩුමිනිට ලබාදෙන තැන අපතේ යැවීමක් ලෙස මෙම තරන්ගයෙදීද දක්නට ලැබුන අතර ඔහු පන්දුවට පහර දීමට හෝ පන්දු යැවීමට යොදා ගැනීමේ අදහසකින් තොරව කණ්ඩායමට ඇතුලත් කර ගැනීම අසීරු අවස්තාවක සිටින මුම්බායි තවත් අසීරු තාවයට පත් වන හේතුවක් වන අකාරය දැකගත හැකි විය.

About lanka_2

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!