Breaking News
Home / Video / මහේලගේ ක්‍රිකට් නුවණ නැවත ලෝකයට පෙන්වමින් ඉවත් කල පොලාඩ් තීරණාත්මක තරගයෙදී ක්‍රියාත්මක වෙයි. මාලිංගගේ ගෝලයා බුම්රා පන්දුවෙන් වැඩ පෙන්නයි

මහේලගේ ක්‍රිකට් නුවණ නැවත ලෝකයට පෙන්වමින් ඉවත් කල පොලාඩ් තීරණාත්මක තරගයෙදී ක්‍රියාත්මක වෙයි. මාලිංගගේ ගෝලයා බුම්රා පන්දුවෙන් වැඩ පෙන්නයි

 

2018 IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මුහුණ දුන් තීරණාත්මකම තරඟය ජය ගන්නට සමත් වීමත් සමඟ මුම්බායි කණ්ඩායම පළමු කණ්ඩායම් හතර අතරට පැමිණෙන්නට සමත් වූ අතර මුම්බායි කණ්ඩායමට තමන් පැමිණි ස්ථානය රැක ගන්නට දැන් අවශ්‍ය වන්නේ ඉදිරියේ දිල්ලි දෙයාර්දිවල්ස් කණ්ඩායම සමඟ තිබෙන තරඟය ජය ගැනීමය.

තරඟයේ කාසිය වාසිය දිනාගත් කිංස් ඉලවන් පන්ජාබ් නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබාදුන් අතර මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිත්කරුවන් වේගවත් ආරම්භයක් ලබාගත් අතර පළමු කඩුල්ල ලෙස එවින් ලෙවිස් දැවී ගියේ ලකුණු 9ක් ලබා සිටියදීය.ඉන් පසුව ඉශාන් ක්‍රිෂාන් පැමිණ වේගවත් ලකුණු 20ක් ලබාගත් අත‍ර සුර්යකුමාර් යාදව්,ක්‍රිෂාන් සහ රෝහිත් ශර්මා ඉක්මනින් පිටියෙන් ඉවත් වීම සමඟ මුම්බායි කණ්ඩායම දැඩි අසීරු තාවයටකට පත් වුනේ ලකුණු 71 කට කඩුලු 4ක් අහිමි කර ගනිමිනි.

පන්දු වාර දෙකක් තුල කඩුලු තුනක් ලබාගත් ඇන්ඩ්රු ටේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ තත්වයට ඇද දමන්නට විශාලම කාර්යය කල පන්දු යවන්නා වූ අතර ටේ සාර්ථක පන්දු වාර දෙකක් යැවීමෙන් අනතුරුව ඔහුගේ ඉතිරි පන්දු වාර ක්‍රියාත්මක කිරීම සඳහා මුම්බායි කණ්ඩායම හොඳ ලකුණු මට්ටමකට පැමිණෙන තුරු කැඳවීම් නොකළ අශ්වින්ගේ තීරණය ජාත්‍යන්තර විචාරකයන් විසින් මෝඩ තීරණයක් ලෙස පැවසු අතර මුම්බායි කණ්ඩායම පීඩනයේ සිටින විට තම හොඳම පන්දු යවන්නා යොදාගෙන තවත් කඩුල්ලක් හෝ දෙකක් දවා ගන්නට අශ්වින් උත්සාහ කලානම් තරඟයේ ඉරණම වෙනස් විය හැකි බවද ඔවුන් පවසා තිබිණි.

Image may contain: 1 person, playing a sport and outdoor

අසාර්ථක වීම නිසා මුම්බායි කණ්ඩායමේ අවස්ථාව අහිමි වී සිටි කිරාන් පොලාර්ඩ්ගේ නැවත පැමිණීම මුම්බායි කණ්ඩායමට ආශිර්වාදයක් වූ අතර ඔහු පන්දු 23 කින් ලකුණු 50 ක් ලබාගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 5 ක් සමඟය.ඔහුට අනගි සහයක් ලබාදුන් කර්නල් පාන්ඩේ ලකුණු 32ක් ලබාගත් අතර මුම්බායි ඉනිම නිමා වුනේ පන්දුවාර 20 තුල ලකුණු 186/8 ලබා ගනිමිනි.පන්දු යැවීමේදී ටේ කඩුලු 4ක් සහ අශ්වින් කඩුලු දෙකක් දව ගන්නට සමත් විය.

ලකුණු 187 ක ඉලක්කය හඹා යාමට පැමිණි පන්ජාබ් කණ්ඩායමේ ඉතා හොඳින් තම ඉලක්කය වෙත යමින් සිටින අකාරය දැකගත හැකි වූ අතර පළමු කඩුල්ල ලෙස ක්‍රිස් ගේල් ලකුණු 18 කට මුළු ලකුණු 34 දී දැවී යාමෙන් පසුව පිටියට එකතු වූ ආරොන් ෆින්ච් රාහුල් සමඟ එකතුව තම කණ්ඩායමේ ලකුණු තත්වය ලකුණු 145 දක්වා ඉහල නැංවූ අතර ෆින්ච් දැවී ගියේ ලකුණු 46ක් ලබා සිටියදීය.තරඟාවලියේ පන්ජාබ් කණ්ඩායමේ ගැලවුම් කරු බවට පත්වී සිටින රාහුල් 19 වන පන්දුවාරය දක්වා  පිටියේ සටන් කරමින් ලකුණු 94ක් ලබාගත් අතර සියල්ල වෙනස් කරමින් 19 වන පන්දුවාරය ක්‍රියාත්මක කල බුම්රා රාහුල් දවා ගනිමින් තම පන්දුවාරය ලකුණු 6 කට සීමා කිරීම තරඟය වෙනස් වූ ස්ථානය විය.

Image may contain: 1 person, playing a sport and outdoor

තරඟයේ වීරයා බවට පත්වූ බුම්රා පන්දුවාර 4 තුල ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කදුලු 3ක් දවා ගත් අතර මක්ලරගන් කඩුලු දෙකක් දවා ගන්නට සමත් විය.අවසාන පන්දුවාර දෙක තුල ජයග්‍රහණයට ලකුණු 23ක ඉලක්කයක් පන්ජාබ් කණ්ඩායමට එල්ල වූ අතර බුම්රා තම පන්දු වාරය ලකුණු 6 කට ක්‍රියාත්මක කිරීමෙන් පසු අවසාන පන්දුවාරය තුල ලැබුන ලකුණු 17 ක ඉලක්කය පන්ජාබ් කණ්ඩායමට හඹා යාමට නොහැකි වූ අතර ඔවුන් ලබා ගත්තේ පන්දුවාර 20 තුල 183/5 පමණය.

Image may contain: 1 person, playing a sport and outdoor

මෙම ජයග්‍රහණය සමඟ මුම්බායි ක්‍රීඩකයන් ප්‍රසාද ලකුණු සටහනේ හතර වෙනි තැනට පැමිණි අතර ඔවුන් මුහුණ දෙන අවසාන තරඟය දිල්ලි කණ්ඩායම සමඟින් පැවැත්වෙන අතර තරඟය ජයගන්නට හැකි වුව හොත් අවසාන කණ්ඩායම් හතර අතරට මුම්බායි කණ්ඩායමට පැමිණෙනු හැකි වනු ඇත.

Image may contain: 1 person, smiling

මීලග දිල්ලි කණ්ඩායම අතර තරගය ජයග්‍රහණය කළහොත් ලකුණු ලබාගැනීමේ වේගය අනුව අනිවාර්යෙන් අවසන් පුරව තරගයට යා හැකි. මේ වන විට අන් කවරදාකටත් වඩා අයිපිඑල් උණුසුම් වී තිබෙනවා.

මහේලගේ උපක්‍රමශිලිත්වය කැපවීම සැලසුම් දැඩිලෙස පෙන්වන තරගාවලියක් ලෙස මෙය හැදින්විය හැකි අතර මෙම අත්දැකීම් ලංකාව වශයෙන් අපටද දිනක ප්‍රයෝජන ගත යුතුයි

No automatic alt text available.

මේ මොම්බායි කණ්ඩායම වෙන්කඩේ ක්‍රීඩාංගනයට පැමිණි අවස්ථාවේ ප්‍රේක්ෂකයින් පාරවල් පුරා උමතුවෙන් බලා සිටින ආකාරයයි. මෙවන් රටක මෙවන් තරග පැවැත්වීමෙන් ලැබෙන ආදායම ජනප්‍රියතාව ඔබට මෙයින් වැටහෙනු ඇති.

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!