Breaking News
Home / දේශීය පුවත් / මහින්ද 2015 දී ඡන්දය දෙන්න එපා කියලා පරද්දපු ශාන්ත බණ්ඩාර සිරිසේනගේ තනි කැමැත්තට පාර්ලිමේන්තුවට ගැනීම හා ආණ්ඩුකාරයින් ගැන ඇතුලේ කචල්

මහින්ද 2015 දී ඡන්දය දෙන්න එපා කියලා පරද්දපු ශාන්ත බණ්ඩාර සිරිසේනගේ තනි කැමැත්තට පාර්ලිමේන්තුවට ගැනීම හා ආණ්ඩුකාරයින් ගැන ඇතුලේ කචල්

එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ඒකමතිකව ගත් තීරණය ‘පොහොට්ටු’ පක්ෂ නායකයින්ගේ බලවත් විරෝධයට හේතුවී ඇත.

පසුගිය මහ මැතිවරණයෙදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශාල ජනවරමක් හිමිවුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දායකත්වය මතබව පැවසු ‘පොහොට්ටු’ පක්ෂයේ ප්‍රධානියකු, එම මැතිවරණයට දායකවූ සන්ධාන ප්‍රධානීන් ජාතික ලැයිස්තුවෙන් කපා දමා පරාජිත අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට පත්කළ ආකාරයටම ජනාධිපතිවරයා යලි ශාන්ත බණ්ඩාර මහතා නම් කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.” ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර සන්ධානයක් හදන්න සුදානම් වන අවස්ථාවක ජනාධිපතිතුමා නැවතත් තනි මතයට කටයුතු කිරීම කිසිඳු ලෙසකින් පිළිගන්න බැහැ. ජනාධිපතිතුමා පසුගිය මහ මැතිවරණයට පස්සේ සන්ධාන නායකයින් කපල දාලා සොයිසලා වගේ පරාජිත අපේක්ෂකයින් පත්කරලා දැන් අනාගෙන ඉන්නේ.කොහොම වුනත් දැන් අපි ඒ අතීතය අමතක කරලා දැන් එකට වැඩ කරනවා.

එත් ජනාධිපතිතුමා දැනුත් කටයුතු කරන්නෙත් තනි මතයට. ඉතින් අපි කොහොමද එතුමා ගැන විශ්වාසයක් තියන්නේ.අඩුම තරමින් මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා කැඳවලා කතාබහ කරන්න තිබුනා. එතකොට අපේ අදහසත් කියන්න තිබුනා. ඇත්තටම මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම දෙන්න තිබුනේ ජාතික ලයිස්තුවේ හිටපු චරිත හේරත්ට.

අඩුම තරමින් ජාතික ලයිස්තුවේ හිටපු ජනාධිපතිතුමාගේ උපදේශක ශිරාල් ලක්තිලකට මේ මන්ත්‍රීකම දුන්නනම් අපට හිත හදා ගන්න තිබුනා. ”උතුරේ ආණ්ඩුකාර ධුරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කල නම ජනාධිපතිවරයා විසින් නොසලකා හැර තිබු බවද ඔහු කියා සිටියේය.

උතුරේ ආණ්ඩුකාරය ලෙස කොළඹ කිරුළපන පිහිටා ඇති මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන බාරකාර හා මුන්නේස්වරම් කෝවිලේ බාරකාර මණ්ඩල සාමාජික ටී. සුන්දරලිංගම් මහතා පත්කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබී ඇත.

කෙසේවුවද බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතකු වන ආචාර්ය ධම්ම දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ.

(SLM)

About article14

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!