Breaking News
Home / දේශීය පුවත් / මහින්ද-සිරිසේන එක්වීමේ මෙවර සකාඡ්චාවත් අසාර්ථකයි ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි මහින්ද පාර්ශවයෙන් බලපෑම්

මහින්ද-සිරිසේන එක්වීමේ මෙවර සකාඡ්චාවත් අසාර්ථකයි ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි මහින්ද පාර්ශවයෙන් බලපෑම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එක්වතරඟ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නියෝජිතයින් අතර ඊයේ (28) පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වී ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ තවත් සාකච්ඡාවක් ඉදිරි දිනයකදී පැවැත්වෙන බවයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එක්ව සිටියහ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර, ඔවුන් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ අවසන් තීරණයකට අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු නොකර හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව සාකච්ඡාවලට පැමිණෙන ලෙසට ඔවුන් නිදහස් පක්ෂයට දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින බවයි.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පුවත්පතකට ප්‍රකාශකර තිබෙන්නේ ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බවට පළ වන වාර්තා නිවැරදි නොවන බවය. දැනට පැවැත්වෙන සාකච්ඡා ප්‍රකාර කණ්ඩායම තීරණයක් ගනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය එක්වුවහොත් රාජපක්ෂ මහතාට මහා සංඝයා වහන්සේලාගේ සහාය නොලැබෙන බව මව්බිම සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (28දා) පැවසූහ.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!