Breaking News
Home / දේශීය පුවත් / මහින්ද පිල දුමින්ද කපලා සුසිල් දාන්න කියලා එහෙම වුනොත් දුමින්ද හා එස්.බී එජාපයට එජාප සුපස්ටාර් සිරිසේනට

මහින්ද පිල දුමින්ද කපලා සුසිල් දාන්න කියලා එහෙම වුනොත් දුමින්ද හා එස්.බී එජාපයට එජාප සුපස්ටාර් සිරිසේනට

සාකච්ඡා වලදී මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් මෛත්‍රී පිල වෙත ඉදිරිපත් කර ඇති කොන්දේසි රාශියකට සිරිසේන ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි දැන ගන්නට තිබේ. (දයාසිරි ජයසේකර පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී ‘දෙයියනේ කියලා එකතු වුනොත් අපි ගොඩ‘ යැයි කීවේ එබැවිනි)

ඉන් ප්‍රධාන එකඟතාවයක් වන්නේ වත්මන් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක එම තනතුරින් ඉවත් කර එම ධූරය සුසිල් ප්‍රේමජයන්තට ලබා දෙන ලෙස රාජපක්ෂ විසින් කර ඇති ඉල්ලීමට සිරිසේන ජනාධිපති එකඟ වීමයි.

මේ බව දුමින්ද දිසානායකට දැනුම් දීමෙන් පසු දුමින්ද පවසා ඇත්තේ තමන්ට මහ ලේකම් ධූරය අත්හැර දමන්න කියන්නේ නම් තමා ලේකම් කමත් දමා ශ්‍රීලනිපයත් දමා එක්සත් ජාතික පක්ෂයට යන බවයි.

කෙසේ වෙතත් දුමින්ද දිසානායකව ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කර එය සුසිල් ප්‍රේමජයන්තට දීමට යෑම ගැන තවත් හිටපු ශ්‍රීලනිප මහලේකම් වරයෙකු වන එස්.බී. දිසානායක දැඩි ලෙස විරුද්ධ වී තිබේ. ඔහු ද පවසා ඇත්තේ එවැන්නක් සිදුකරන්නේ නම් තමන්ද එජාපයට යන බවයි. ඔහු එජාපයට පැමිණීම සම්බන්ධයෙන් එජාප නායකයා සමගද සාකච්ඡා කර ඇති නමුත් එජාප නායකයා එස්.බී.ට පවසා ඇත්තේ ‘කලබල නොවී මඳක් ඉන්න‘ කියා ය.

කෙසේ වෙතත් මේ වන විට ඇමැති ධූර දෙකක් සහිත එජාපයේ ප්‍රබලයෙකු සහ ජනප්‍රිය සුපර් ස්ටාර් එජාප චරිතයක්ද සිරිසේන ජනාධිපති මේ වන විටත් බිලී බාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ.

Lankaenews

About article14

Check Also

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!