Breaking News
Home / දේශීය පුවත් / මහින්ද පස්සේ වැටී හිටපු බොරළුගොඩ් දිනේෂුත් මහින්දගෙන් ගැලවෙයි

මහින්ද පස්සේ වැටී හිටපු බොරළුගොඩ් දිනේෂුත් මහින්දගෙන් ගැලවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව දීර්ඝ කලකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ රැුස්වින.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයෙක් වන ඒකාබද්ද විඵක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද එම අවස්ථාවට සහභාගී විය.

එහිදී මහජන එක්සත් පෙරමුණ, ශ්‍රීලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය ඉල්ලා සිටියේ තමනට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම තරග කිරීමට උවමනා බවයි.

ඒ සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂවලට වෙන්න වෙන්ව පළාත් පාලන මැතිවණයට තරග වැදිය හැකි යෝජනාවක් ඉදිරිපත් කල බවත් එය ඒකඡුන්දයෙන් සම්මත වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.

සන්ධානයේ විධායක සභාව සදහා සහභාගී වූයේ ඒකාබද්ද විපක්‍ෂව දැනුවත් කර බවත් සුපරුදු ලෙස ඒකාබද්ද විපක්‍ෂය සමග ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

විමල්ගේ වීරකුමාරත් මෛත්‍රී පිලට..!
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවීරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහයෝගය දීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්වී ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතුයැයි දැඩි ස්ථාවරයක සිටි වීරකුමාර දිසානායක මහතා දෙපාර්ශ්වයේ සාකච්ඡුා බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළේය.

ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ඊයේ (5) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක්ද පැවැත් වූ අතර ඉන් පසුව ඔහු මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

එම නිවේදනයේ වැඩිදුටත් සංක්‍ෂිප්තය මෙසේය.
ශ්‍රී .ල.නි.ප.ය දෙකට කැඩිමෙන් 2020 වසර වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති වීම වැලැක්විය හැකි නම් අනිවාර්යයෙන් දෙකට කැඩිය යුතුය. නැතිනම් රනිල් 2020 වසර විධායක ජනාධිපති වීම වැලැක් වෙන්නේ දෙකඩ නොවී එකට සිට අරගල කිරීමෙන් නම් කිසිසේත්ම ශ්‍රී .ල.නි.ප.ය කැඞීමට ඉඩ නොදිය යුතුය.

අද කළ යුතු වන්නේ ‘‘වෙනස’’ වෙනස් කිරීමය. වෙනස වෙනස් කිරීමේ උපාය හරි සරළය. එම උපාය වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔවුන්ගෙන් මුදවාගෙන ශ්‍රී ලනිපයද දෙපයින් සිටුවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලනිපයේ ජාතික අභිලාශයන්ගෙන් වටකර ඒකීය රාජ්‍යයත්, ජාතික ආර්ථිකයත් අරක්‍ෂා කරගැනීමය. ගෝලීය අධිරාජ්‍යවාදයටත්, බෙදුම්වාදීන්ටත් සරළ හා පහසු බුද්ධිමත්ම පිළිතුර මෙය වන බව විද්‍යමානවේ. සියලූ සකලවිධ සතුරන්ගේ හිස කුඩුකල හැකි පහරදීමද මෙයයි.

වර්තමානයේ ඇත්ත වශයෙන්ම කළයුතු වන්නේ ඒකාබද්ධ විපක්‍ෂයත්, ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයත් ප්‍රමුඛ සියලූම වාමාංශික බලවේග හා දේශප්‍රේඅමී කොටස් ද, ජාතික හා දේශහිතෛශි සංවිධානද, ප්‍රගතශීලි ජනතාව හා ජනතා ව්‍යාපාරද, සියලූ බුද්ධිමත් ප්‍රජාවද එකට එකතුකර මහා ජාතික බලවේගයක් නිර්මාණය කිරීමය එම බලවේගයන්ට නායකත්වය දීමය. නොඑසේ නම් අපගේ මාතෘභූමිය මේ පරසතුරු උගුලෙන් ගලවා ගත නොහැකිය. එකී තත්ත්වයට පිටින් සැලසුම් හදන සියලූ දෙනා ගමන අවසාන කරන්නේ පරසතුරන්ගේ උගුල්වල දිවා ? දේකේම වැටි වැටී මරලතෝනි දෙමින්ය. ප‍්‍රහාරයේ ප‍්‍රමාණය හා උපාය හඳුනා නොගෙන සටන් කිරීම මෝඩකමකි. දුර්වලකමකි.

මෙම තත්ත්වය මා මීට වසරකට පෙර සිට ජා.නි.පෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කලෙමි. දැනට මාස තුනක පමණ සිට ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමට හා නායකයින් හට ද විටින් විට පවසා ඇත. පසුගිය සතියේ ඒකාබද්ධ කණ්ඩායම් රැුස්වීමේදී ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ද මේ පිළිබදව කරුණු ඉදිරිපත් කළෙමි.

”මම ඔබට රහසක් පවසන්නෙමි” ඒකාබද්ධ විපක්ෂයේ සිටින ජේෂ්ඨ නායකයින් හා මන්තී‍්‍රවරු බොහෝ දෙනෙක් මෙම සත්‍ය තේරුම් ගෙන සිටී. ඇතැම් මන්තී‍්‍රවරුන් හැඟීම්බරය.ඒ නිසා මෙකී සත්‍ය ඔවුන්ට නොතේරෙයි. ”මම තවත් රහසක් ඔබට පවසන්නෙමි” ඒකාබද්ධයේ මන්තී‍්‍රවරුන් බොහෝ දෙනෙකු ජනතාව වන ඔබට බියවී ඇත. ඒ මක් නිසාද යත් ඔබ ඔවුනට මනාපයක් නොදී සිටීවි යැයි සිතාය. ඔබ අමනාප කරගැනීමට අකමැති නිසාය.

මටනම් එහි හරයක් හා ගැඹුරක් නොපෙනෙන්නේය. ජනතාවට සත්‍ය පවසා තිබීම අප දිණුවත් පැරදුණත් වඩාත් සුදුසු වන්නේය. නැතිනම් කවදා හෝ ඔබ අපට දොස් පවරනු නොඅනුමානය. මාගේ හෘදසාක්ෂියට එකඟව මට එය කළ නොහැක.

කමණි හෙට්ටිආරච්චි

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!