Breaking News
Home / දේශීය පුවත් / මහින්ද දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට යයි ඒකාබද්දේ භේද නතර නොකලහොත් අළුත් පක්ෂයක්

මහින්ද දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට යයි ඒකාබද්දේ භේද නතර නොකලහොත් අළුත් පක්ෂයක්

ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු ඇඟවීය.

ඔහු මෙම ප්‍රකාශය කළේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම සෙසු පක්ෂ නායකයන් හමුවුවද පොහොට්ටුවේ නායකයන් මුණ නොගැසීම ගැන දොස් පැවරීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු වගය.

තමන්ගේ නායකත්වය ඡන්දය නොදුන් කණ්ඩායම නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත. තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා කීය. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු 2/3ක බලය අහිමි කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයි මහින්ද ප්‍රකාශ කර තිබිණි.

16 කණ්ඩායමෙන් ජනපතිට කොන්දේසි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීම තම කණ්ඩායම මගින් සිදුකරන බවත් ඊට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනා සම්බන්ධ නොකරන ලෙසත් 16 දෙනාගේ කණ්ඩායම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබේ.

මෙලෙස දැනුම් දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (14) රාත්‍රියේ 16 දෙනාගේ පිරිසක් ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදීය.

ඊට ජනාධිපතිවරයා එකඟවෙමින් එම සාකච්ඡාවට සහභාගී වී සිටි ශ්‍රීලනිප නව මහලේකම්වරයාට දන්වා ඇත්තේ ආණ්ඩුවේ සිටින 23 දෙනා 16 දෙනාගේ ප්‍රතිසංවිධාන වැඩකටයුතුවලට සහභාගී නොකරන ලෙසය.

මෙහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත සිදුකරන ප්‍රකාශ පිළිබඳව දැඩි විවේචනයක් කර ඇත. සන්ධාන ලේකම්වරයා පක්ෂයේ සභාපතිවරයාගේ ප්‍රකාශ නොව සිරිකොතේ ප්‍රකාශ ලබාදෙන බවට එහිදී විවේචනය කර ඇත. එහිදී ජනාධිපතිවරයාද එම ප්‍රකාශ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය පිරිසට දන්වා ඇතැයි සඳහන් වේ.

එසේම එළඹෙන සැප්තැම්බරයේ පක්ෂ මහා සමුළුවට පෙර පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොකරගතහොත් පක්ෂය විනාශ වුණු යුගය ලෙස මෙම යුගය ඉතිහාස ගතවන බව එම පිරිස පෙන්වා දී ඇත. ඒ නිසා නව මහලේකම්වරයකු පක්ෂයට පත්කොට පක්ෂය ප්‍රතිසංවිධාන ගතකරන ලෙසත් එතෙක් අණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනා සමඟ ගමනක් සිදුනොකරන ලෙසත් එම පිරිස ජනාධිපතිවරයාට පවසා තිබේ.

6 න් 11ක් කෙළින්ම ඒකාබද්ධයට

එසේම ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 16 දෙනාගෙන් 11 දෙනකු ඒකාබද්ධ විපක්ෂය සමඟ සෘජුවම එක්වීමට තීන්දු කර ඇතැයි එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. ඉතිරි 05 දෙනා ද එම මතයට එකඟ කර ගැනීම සඳහා මේ සතියේ සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.

සති කිහිපයක් විදේශගතව සිටි අනුර යාපා හිටපු අමාත්‍යවරයා මෙරටට පැමිණෙන තෙක් මෙම සාකච්ඡා පමා වූ අතර දැන් අනුර යාපා මහතා ද පැමිණ සිටිනා නිසා කඩිනමින් සාකච්ඡාවක් පවත්වා තීන්දුවක් ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

එලෙස පොදු එකඟතාවකට පත් වූ පසු ශ්‍රී.ල.නි.පයේ දැනට සිටිනා තවත් මන්ත්‍රීන් 5 දෙනකු තමන් සමඟ එක්වීමට සූදානම් යැයි හෙතෙම අවධාරණය කළේය.

About lanka

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!