Breaking News
Home / දේශීය පුවත් / මහින්ද චන්ද්‍රිකා සමග 1995 දී රට කලාප වලට බෙදීමට ව්‍යවස්ථාවක් ගෙනාවා මම කවදාවත් පන්සල් ගානේ කේලම් කිවේ නැ ඒක ගෙනාපුවම පැරදුවා – රනිල්

මහින්ද චන්ද්‍රිකා සමග 1995 දී රට කලාප වලට බෙදීමට ව්‍යවස්ථාවක් ගෙනාවා මම කවදාවත් පන්සල් ගානේ කේලම් කිවේ නැ ඒක ගෙනාපුවම පැරදුවා – රනිල්

රට කලාපවලට බෙදා කලාප සංගමයක් බවට පත් කිරීමට ප්‍රථමයෙන්ම සහයෝගය ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බව අගමැති රනිල් පවසනවා.1995 දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කලාප සංගමයකට සහයෝගය ලබා දුන්නා. ඊට උදව් කළා. චන්ද්‍රිකා මැතිණිය කලාප සංගම් ක්‍රමය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇමැතිවරයෙක් ලෙස ඊට උපරීම සහයෝගය ලබා දුන්නා යනුවෙන් අගමැති පැවසුවේ. යක්කලමුල්ල, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝා වාසය සහ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

ඔහු වැඩි දුරටත් මෙසේ පවසනවා එදා මහින්ද රාජපක්‍ෂ පෙනී සිටියේ රට කලාපවලට බෙදා කලාප සංගමයක් බවට පත් කිරීමටයි. ඒ ගැන මම එතුමට දොස් කියන්න යන්නේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් ඒ ස්ථාවරයේ සිටියා. නමුත් මා ඒ ස්ථාවරයේ සිටියේ නැහැ.මහින්ද රාජපක්‍ෂ මහතා කලාප ක්‍රමයට සහයෝගය දක්වන අවස්ථාවේ අපි එතුමාගෙන් මේ ගැන විමසුවා. නමුත් එතුමා ප්‍රකාශ කළේ එයින් රට බෙදෙන්නේ නැති බවයි. එසේ නම් කවුරුන් හෝ කලාප ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කළොත් එමගින් රට බෙදෙන බව එතුමාට කියන්නට බැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස සර්ව පාක්‍ෂික සමුළුව පිහිටුවමින් එදා ප්‍රකාශ කළේ මට උවමනා උපරීම බලය බෙදාහැරීමට බවයි. එදා එතුමා තෛපොංගල් උත්සවයේදී ද්‍රවිඩ භාෂාවෙන් කතා කරමින් කියා සිටියේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට එකඟවිය හැකි ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි. මේ එකක්වත් රට බෙදෙන ඒවා කියා අපට කියන්නට බැහැ.අද මට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා මගේ ස්ථාවරය වෙනස් කර ගන්නේ නැහැ කියා.

හැම කෙනෙක්ම කියනවා හැමදාම ඒකීය රාජ්‍ය ස්ථාවරයේ ඉන්නවා කියා. එදා ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ලද ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස තිබිය යුතු බවට රජිව් ගාන්ධි මැතිතුමාගෙන් පවා අත්සන් ලබා ගත්තා. ඊට පසු රණසිංහ ප්‍රේමදාස, ඩී,බී. විජේතුංග මැතිතුමන්ලා ද ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. මගේ ස්ථාවරය ද එයයි. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම සිදු කළ යුතුයි.හිටපු ජනාධිපතිතුමාට මේ ස්ථාවරයට පැමිණිය හැකි නම් මගේ ස්ථාවරය වී තිබෙන්නේ ඒකීය රාජ්‍යය තුළ බලය බෙදාහැරීමයි.

ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කරමින් ඉදිරිපත් කරන ඕනෑම වැඩපිළිවෙළකට අපේ සහයෝගය ලබාදෙනවා. ඉන් පිටස්තර කිසිදු වැඩපිළිවෙළකට අපේ සහය ලබාදිය නොහැකියි.මේ ප්‍රශ්නය විසඳීමට හැකි අයට එය විසඳීමට ඉඩදිය යුතුයි. මම කිසිදාක රට බෙදෙනවා, රට කැඩෙනවා කියා බොරුවට කෑ ගහන්න යන්නේ නැහැ. විහාරස්ථානයකට පැමිණි අවස්ථාවකදී හෝ වෙනත් ස්ථානවලදී හෝ කතා කළ යුතු බොහෝ දේ තිබෙනවා. දේශපාලනඥයන් වශයෙන් අප කිසියම් ප්‍රකාශයක් කරනවා නම් එය වගකීමෙන් කළ යුතුයි යනුවෙන් රනිල් පවසා තිබෙනවා.

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!