Breaking News
Home / දේශීය පුවත් / මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබනවාත් සමගම GMOA ත්‍රස්තයන් මර නින්දෙන් නැගිටි. ආයෙත් රෝගීන් බිල්ලට ගැනීමේ ප්‍රකාශ නිකුත් කරයි

මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබනවාත් සමගම GMOA ත්‍රස්තයන් මර නින්දෙන් නැගිටි. ආයෙත් රෝගීන් බිල්ලට ගැනීමේ ප්‍රකාශ නිකුත් කරයි

රාජිත සේනාරත්න මහතා නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්වයකට හේතුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ රාජිත සේනාරත්න මහතා යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමට ලක් වූ බවයි.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්වීමෙන් අනතුරුව පසුගිය මසක පමණ කාලයක් GMOAව පෙනෙන්නට සිටියේ නැත. ඔවුන් මාරාන්තික විරෝධයක් දැක්වූ සිංගප්පූරු වෙළඳ ගිවිසුම රාජපක්ෂ රජයෙන් ද අහෝසි නොකරන බව බන්ධුල ගුණවර්ධන මහතා ඔවුන්ගේ මුහුණටම පැවසූ මොහොතේවත් ඔවුන් කිසිදු විරෝධයක් පළ කළේ නැත.

දැන් මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළ වහාම GMOAව ද යළි කරළියට පැමිණ තිබේ. ඒ අනුව පාට පක්ෂ බේද නොසලකා අහිංසක ජිවිත සමග සුදු කෙලින මෙවන් ත්‍රස්තයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ ජනතාව එලියට බැසීමට කාලය දැන් එලබ ඇත

මේ රාජිතද වෙනත් පුද්ගලයෙක්ද යන්න කාරණයක් නොවන අතර මෙය සම්පුර්ණ කුහක වහල් දේශපාලන කාරණයක්. චමල් රාජපක්ෂ ඇමති ලෙස අවශ්‍ය සේලයින් ප්‍රමාණයවත් ගෙනත් දීමට නොහැකි වුනත් මේ GMOA ත්‍රස්තයන් මික් ගෑවේ නැත. දේශපාලනය වෙනුවෙන් මිනිසුන් බිල්ලට ගැනීමක් මොවුන් නැවත සිදු කිරීමට නියමිතයි.

රාජිත සේනාරත්න පිළිබද සමාජයේ විවධ විවේචන තිබුනත් තහවුරු කරගත් එක කාරණයක් අප දනී. එනම් මෙම දොස්තර වරුන්ට අත්සන් කිරීමට පොතක් ඇති අතර එහි ආගිය වේලාවන් හා අතිකාල කලානම් ඒවා සටහන් කලයුතුයි.

නමුත් පසුගිය නිමල් සිරිසේන වැනි ඇමතිවරුන්ගේ කාලයේ මෙය ඔවුන් බලහත්කාරයෙන් චන්ඩිකම් පෙන්වා නතර කරගෙන ඇති අතර එවැනි වාර්තාවක් නැති වූ විට පුද්ගලික රෝහල්වල සේවයට අවශ්‍ය මොහොතේ යා හැකි.

එහෙත් රාජිතා ආ විගස මෙය නැවත බලාත්මක කල අතර මෙහි සටහන් නොතබන්නන් හට පඩි නොගේවිමද විටින් විට සිදු වී ඇත. මේ වෛරය හට ගැනීමට මෙවැනි ක්‍රියාමාර්ග ගණනාවක් ඇති බව වෛද්‍යවරයකු අප හට පැවසුවා.

එසේ බලන කල වෛද්‍ය වරුන්ට වඩා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් හෙදියන්ට තිබෙන අතර ඔවුන්ගේ අතිකාල දීමනා මාස 3 ක් 4 කට වඩා ගෙවා නැති බව සදහන්. නමුත් ඔවුන් වර්ජනවලට නොයා ඉල්ලීම් කරමින් සිටි. එසේම හෙදියන්ට නිරන්තරයෙන් ලැබීමට නියමිත වරප්‍රසාද GMOA මැදිහත්වී විරුද්ධ වී කඩාකප්පල් කරන බවද සත්‍ය සිද්දියකි.

හෙදියන් සහ වෛද්‍ය වෘතියන් ගත් විට හෙදියන් වෛද්‍ය වරුන්ට වඩා කාර්යක් සිදු කරන අතර වෛද්‍ය ත්‍රස්තයන් බලා සිටින්නේ පුද්ගලික චැනල් එකට යන්නේ කොයි මොහොතේද යන්නයි.

කෙසේ හෝ මේ වර්ජන නිසා ඔබේ ඥාතින් මිය ගොස් ඇති එසේ නැතිනම් මිය යාමට හැකි. එම රෝගීන්ගේ වගකීම දෙන්නේ කවුරුන්ද? මෙය පාට පක්ෂ නොමැතිව පාරට බැස හෝ මේ ත්‍රස්තයන් හා උන්ගේ පවුල් වටකර ක්‍රියා මාර්ග ගැනීමට කාලයයි.

තවද මෙහි ප්‍රධානියා පාදෙණිය පොහොට්ටුවෙන් ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් ඉල්ලා ඇති බවස වාර්තා වනවා. එසේනම් මේ මැරයන් රෝගීන් බිල්ලට ගනිමින් කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේද?

About article14

Check Also

අපේක්ෂකයා එන්නේ කාගේත් එකගත්වයෙන් එජාපයෙන් – එජාප මහලේකම්ගෙන් නිවේදනයක්

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදවයි. එය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!