Breaking News
Home / දේශීය පුවත් / මහින්ද අමරවීර සිරිසේනට ලිපියක් ලියමින් නව අගමැතිවරයෙක් සමග ආණ්ඩුවක් කරමුයයි පවසයි. නිමල් සිරිපාල ගේන්න අලුත් ගේමක්

මහින්ද අමරවීර සිරිසේනට ලිපියක් ලියමින් නව අගමැතිවරයෙක් සමග ආණ්ඩුවක් කරමුයයි පවසයි. නිමල් සිරිපාල ගේන්න අලුත් ගේමක්

රාත්‍රී 7 ට පමණ සන්ධාන මහා ලේකම් මහින්ද අමරවීර සිරිසේන ජනාධිපතිට නිකුත් කල ලිපියක් මාධ්‍යට නිකුත් කල අතර එහි සදහන් වන්නේ නව අගමැති වරයකු යටතේ නව ආණ්ඩුවක් සැදීමට සන්ධාන මන්ත්‍රීවරු කැමති බවයි. එහෙත් ඔවුන් අද කැබිනට් රැස්වීමේදී ජනාධිපති නිල නිවසේ කෑමකට සහබාගි වූ අතර ජනාධිපති ඇතුළු සියල්ල එම ස්ථානයේ සියල්ල කතාබහ කර පසුව රාත්‍රියේ ලිපියකින් ඒ සියල්ල දන්වා යැවීමත් ලාංකීය දේශපාලනයේ එක්තරා ආකාරයක සුන්දර කාරණයකි.

නමුත් මෙහි අබියස සැගවූ කාරණයක් අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරනවා. ඒ නිදහස් පක්ෂය මේ වන විට ඇමති සැප ඇත හැරීමට අකමැත්තෙන් පසුවන නිසා නිමල් සිරිපාල අගමැති කර නව ආණ්ඩුවක් සැදීමේ අලුත්ම නාඩගමයි. ඊයේ(13) දිනයේ ජනපති පාර්ශවය සදහන් කලේ අද සවස අවසන් තීරණයකට පැමිණෙන බවයි. එහේත් කිසිදු එකගතාවක් සිදුවී නැති අතර මේ වන විට උත්සහා කරන්නේ 8% ක ජන බලයක් ඇති තමිල් අරුස කච්චි පක්ෂයටද පසු බැසූ නිදහස් පක්ෂ අගමැතිවරයකු යටතේ ආණ්ඩුවක් සැදීමටය. එයට එකම කාරණය වී ඇත්තේ ජනවාරි 8 ජනපති පුටුවේ ඉන්දවූ එජාප නායකයා සමග පුද්ගලික කෝන්තරයක් සිරිසේන ජනාධිපතිවරයා මේවන විට ඇතිකරගෙන සිටීමයි. රනිල් නැතිව පොල් ලෙල්ලක් එක්ක හෝ ආණ්ඩු කරනවා යන්න සිරිසේනගේ ස්ථාවරය වී ඇත.

එහෙත් එජාප පාර්ශවයේ 106 එක හඩින් පවසා සිටින්නේ රනිල් සමග ආණ්ඩුවක් පිහිටවිය යුතු යන කාරණයයි. කොතරම් කටකතා සිරිසේන හා මහින්ද පාර්ශවය පැතිරෙව්වත් සත්‍ය කාරණය මෙයයි. මේ මොහොතේ සිරස උත්සහා කරන්නේ සිරිසේන අවනත කලාක් මෙන් සිරසට අවනත අගමැති වරයකු පත් කරගැනීම බවයි අභ්‍යන්තර ආරංචි සදහන් කරන්නේ. සිරස ආයතනයේ පුද්ගලයින් ජනධිපති වටා සිටිමින් පැයෙන් පැය විෂබීජ දමමින් තීරණ වෙනස් කරන මොහොතක තානාපතිවරු දන්වා ඇත්තේ චීනය වැනි රටවල් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රට අස්ථාවර කර වාසි ලබා ගැනීමට ඔවුන්ගේ හිතවත් පාර්ශව උසි ගැන්වීම් කල හැකි බවයි. එනිසා කල් නොමරා සිරිසේන ජනාධිපතිට ආණ්ඩුව පිහිටවන ලෙස දන්වා ඇත. ආණ්ඩුව පිහිටවීමේ බරපතල ප්‍රමාදය සිදුව ඇත්තේ සිරිසේන ජනපතිගේ තීරණයක් නොමැතිකම බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

එසේම අද සවස් වන විට මෙවැනි තත්වයකුත් වාර්තා විය. ඒ විපක්ෂ නායක ධුරය සඳහා අනුර කුමාර හෝ නිමල් සිරිපාලද සිල්වා හෝ වෙනත් අයකු පත් කර ගැනීමේ ව්‍යාපෘතියක්ද දියත් වේ. ඒ මෙසේය. පසුගිය මහ මැතිවරණයෙන් එක්සත්ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 95කි. එයින් මහින්ද රාජපක්ෂට මේ වන විට මන්ත්‍රීවරුන් 52ක්ද මෛත්‍රීපාල සිරිසේනට මන්ත්‍රීවරුන් 43 ක්ද සහාය දක්වයි. ‍මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන මෙම 44 දෙනාගෙන් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීන් 7දෙනා ඉවත් වූ විට ඉතිරිවන ගණන 37 ක්වේ. ඊට ජනතා විමුක්ති පෙරමුණේ 6දෙනාද දෙමළ ජාතික සංධානයද එක් වූවිට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා බහුතරය පෙන්විය හැකි වේ. කෙසේනමුත් මෙම ව්‍යාපෘතිය සාර්ථක වීමේ සම්භාවිතාව 50ට 50 වේ.

වඩාත්ම වැදගත් දෙය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහිමි ‍වීමේ අවධානම මතුවීමයි. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අය එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයය. එබැවින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සහ පක්ෂ තීරණවලට පටහැනිව කටයුතු කරන අයගේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට නීතිමය බාධාවක් නැත.

කෙසේ වෙතත් සිරිසේන ජනාධිපති මෙම ප්‍රශ්නය විසදීමට සිකුරාදා වන තෙක් කල් මරන්නේ රනිල් කොයි මොහොතේ හෝ කාගේ පිඩනයකින් හෝ ඉවත්ව යන තුරු බවයි පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!