Breaking News
Home / දේශීය පුවත් / මහින්ද අමරවීර දුමින්ද දිසානායකගේ පැත්ත ගෙන බේරන්න ගියායයි උරණවූ සුමතිපාල සහ ඩිලාන්ගෙන් අමරවිරට ජනාධිපති කාර්යාලයේදී ගුටි පුජාවක්

මහින්ද අමරවීර දුමින්ද දිසානායකගේ පැත්ත ගෙන බේරන්න ගියායයි උරණවූ සුමතිපාල සහ ඩිලාන්ගෙන් අමරවිරට ජනාධිපති කාර්යාලයේදී ගුටි පුජාවක්

අද දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී හමුවී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 16 දින දක්වා කල් තැබූ පාර්ලිමේන්තුව ඊයේ දිනයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය සිරිසේන මහතා සමග කල සාකච්චාවෙන් පසු නොවැම්බර් 5 කැදවීමට තීරණය කිරීමත් සමගයි.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ සංවිධායක දුමින්ද දිසානායක ඊයේ(31) දිනයේ පැවති සංවිධායකයන්ගේ හමුවට සහභාගී නොවී ඇති අතර ඔහු බැසිල් රාජපක්ෂ මහතා සමග මිට පෙර සාකච්චා කර තම දේශපාලන අනාගතය කුමක්දැයි විමසා ඇත. එහෙත් මේ කාරණයට තමන්ට සහය වී පසුව අනෙක් දේවල් බලාගත හැකියයි බැසිල් මහතා කියූ බව ආරංචි මාර්ග සදහන් කරයි.

එහෙත් අනුරාධපුරෙන් පොහොට්ටුවේ චරිත ගණනාවක් මෙන්ම චන්ද්‍රසේන වරු එදා පටන් ඔහුට එරෙහිව කටයුතු කිරීම මත ඔහුට එම දිස්ත්‍රික්කයෙන් නැවත දේශපාලන අනාගතයක් නැති බව පෙන්වා දී එයට පැහැදිලි පිළිතුරක් අවශ්‍ය බව කිවත් බැසිල් මහතා දිගින් දිගටම පවසා ඇත්තේ මේ කාරණය විසදා පසුව එය බලාගමු යන්න බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.

මේ පසුබිම යටතේ දුමින්ද දිසානායක පිළිබද කතාබහක් ගිය අවස්තාවක තිලංග සුමතිපාල හා ඩිලාන් පෙරේරා දුමින්දට නොසැහෙන දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා. ඩිලාන් පෙරේරා මුල සිටම දුමින්ද හැදින්වුයේ ‘බබා’ ලෙසයි. එම දෝශාරෝපනය එල්ල කරන ආකාරය බලා සිටි සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර එයට විරුද්ධවී තිබෙනවා.

දුමින්දට දොස්නැගීම මේ අවස්ථාවේදී නොකළයුතු බවත් එයට සම්පුර්ණයෙන් විරුද්ධ බවත් පැවසු නිසා කේන්තියට පත්වූ ඩිලාන් සහ තිලංග සන්ධාන මහලේකම්ට ගුටි පුජාවක් ලාබා දුන් බවයි විශ්වාස කටයුතු ආරන්චි මාර්ග සදහන් කරන්නේ.

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!