Breaking News
Home / දේශීය පුවත් / මහින්ද අගමැති කලේ 113 තියනවා කියූ නිසා. ඕන වුනේ පාර්ලිමේන්තුව විසුරෝගන්න ජනාධිපති ගැටේට අහුවුනා. දැනටමත් පොහොට්ටුව අපට ඡන්ද දෙන්න එපා කියන් යනවා

මහින්ද අගමැති කලේ 113 තියනවා කියූ නිසා. ඕන වුනේ පාර්ලිමේන්තුව විසුරෝගන්න ජනාධිපති ගැටේට අහුවුනා. දැනටමත් පොහොට්ටුව අපට ඡන්ද දෙන්න එපා කියන් යනවා

ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව එක් වි බිහි කරන සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකත්වය වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරග කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.එක් රාජපක්‍ෂවරයෙකු ජනාධිපති ලෙසත් තවත් රාජපක්‍ෂවරයෙකු අගමැති ලෙසත් පිලිගැනීමට රටේ ජනතාව සූදානම් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමේ ගැටළුවක් නැති නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා නොකලහොත් ශ‍්‍රීලනිපය තනිව තරග කල යුතු බවත් ඒ මහතා කියා සිටී. අද ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවක් පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තුවේ 113 ඇතැයි රාජපක්‍ෂ පාර්ශවයෙන් සහතිකයක් දී තිබූ නිසා නමුත් ඔවුන්ගේ සැබෑ උවමනාව වූයේ පාර්ලිමේන්තව විසුරුවා මැතිවරණයක් ලබා ගැනීම බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ හෝ එම පාර්ශවයේ ගැටයට ජනාධිපතිවරයා අසු වී පාර්ලිමේන්තුවද විසුරුවා හැරි බවත් මන්ත‍්‍රීවරයා කියයි. දැනටමත් දිස්ත‍්‍රික් මට්ටමින් ශ‍්‍රීලනිප පිරිස්වලට ඡුන්දය නොදෙන්නැයි පොහොට්ටුව විසින් සංවිධානාත්මකව ප‍්‍රචාර අරඹා ඇති බවත් එම තත්වය මත නව සන්ධානය ගැන සැක සහිත තත්වයක් ඇතිව තිබෙන බවත් සමරසිංහ මහතා තව දුරටත් කියා සිටී.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!