Breaking News
Home / දේශීය පුවත් / මහින්දානන්ද කෝට් එක ඇතුලේ හංගාගෙන රනිල්ට එරෙහි විශ්වාස බංගය ගෙනෙයි එජාප මන්ත්‍රීන් දොරවල් වටලාගෙන එනකම් බලා ඉදි. මහින්දගේ අත්සන නැහැලූ

මහින්දානන්ද කෝට් එක ඇතුලේ හංගාගෙන රනිල්ට එරෙහි විශ්වාස බංගය ගෙනෙයි එජාප මන්ත්‍රීන් දොරවල් වටලාගෙන එනකම් බලා ඉදි. මහින්දගේ අත්සන නැහැලූ

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත බාරදී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 55ක් අත්සන් තබා ඇත.

සුසන්ත පුංචිනිමේ, නිශාන්ත මුතුහෙට්ටිගම, ටී.බී. ඒකනායක, කාදර් මස්ථාන් මෙසේ අත්සන් තබා ඇති නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වෙති.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු අත්සන් කර ඇති බවට වාර්ථා වෙයි.

මේ අතර අද දින පාර්ලීමේන්තුවට විස්වාසභංගය ඉදිරිපත් කිරීම වැලැක්වීමට යම් කිසි උපක්‍රමයක් ක්‍රියාත්මක විය හැකි බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට දැන ගැනීමට ලැබි තිබුණි. එම නිසාම විස්වාසභංගය පාර්ලීමේන්තුවට ගෙන ඒමේ වගකීම පැවරුනේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලීමේන්තු මන්ත්‍රී මහින්දානද අලුත්ගමගේට ය.

Image may contain: 7 people, indoor

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විස්වාසභංගය පාර්ලීමේන්තුවට රැගෙන ඒමට තීරණය කළේ සිය කබායේ සගවගෙන ය. එලෙසින් සිය කබාය අතර විස්වාසභංගය රුවාගෙන මන්තීවරයා පාර්ලීමේන්තුවට පිවිසෙද්දි , පිවිසුම් දොරටුව අසළ රැකවල් ලා සිටියේ එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසකි.

කවුද විස්වාසභංගය පාර්ලීමේන්තුවට ගේන්නේ? එජාප මන්ත්‍රීවරුන් පිරිස මහින්දානන්ද මන්ත්‍රීවරයාගෙන් ඇසුවේය.
දන්නෙ නෑ, මමත් මේ බලන්නේ ඒක තමයි.

එලෙසින් පිළිතුරු දුන් මහින්දානන්ද මන්ත්‍රීවරයා හෙමින් සිරූවේ එම ස්ථානයෙන් ලිස්සා විස්වාසභංගයද රැගෙන පාර්ලීමේන්තුවට පැමිණ තිබේ.


About article14

Check Also

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!