Breaking News
Home / දේශීය පුවත් / මහින්දානන්දත් ගෝටාගේ පාරේ යමින් මූල්‍ය වංචා නඩුව අහන්න එපා කියා කල ඉල්ලීම අධිකරණය ඉවත දමයි

මහින්දානන්දත් ගෝටාගේ පාරේ යමින් මූල්‍ය වංචා නඩුව අහන්න එපා කියා කල ඉල්ලීම අධිකරණය ඉවත දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රීර මහින්දානන්ද අලූත්ගමගේ ගොණුකළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (06) නියෝග කළා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොණුකර තිබුණේ.

එම පෙත්සමේ නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් ප්‍රකාශ කළා.

මේ අතර විශ්වාසභංග විවාදයේදී අමාත්‍ය ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකා විසින් දූෂණ වංචාවක් එල්ල වි ඇති මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා නුදුරේදීම අත් අඩංගුවට පත් වන බව හෙළි කරනු ලැබුවේය.

“හෙට මම කූඩුවේ දාන්න යන්නයි හදන්නේ මචෝ” කියල පසුපෙළ මන්ත්‍රීවරු එක්ක මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා අද කියල තියෙනව. එතුමටත් මිලියන 60ක නඩුවක් තියෙනව. කනගාටුයි එතුමාගැන. අපි කවුරුත් එක්ක හිතවත් තමයි.” ඔහු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කනගාටුව පලකරමින් පැවසුවා.

 

 

“අගමැති ගැන අපිට විශ්වාසයි. අපි පුද්ගලික ජීවිත ගැන කතා කරන්නේ නැහැ. එතුමට යම් යම් මඩ චෝදනා එල්ලවෙනවා. හැබැයි එතුමාට හැකියාව තියෙනව එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්න.” යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසුවා. ඔහුගේ කතාව අතරතුර විපක්ෂයෙන් එල්ලවූයේ දැඩි විරෝධයක්.

තමන් සිංහල බහුතරයේ ඡන්දයෙන් ජයග්‍රහණය කරනා බව පවසන හිටපු ජනාධිපතිවරයා, විශ්වාසභංගය ජය ගැනීම සඳහා කැන්ටිමේ සිටි සුළු ජාතික මන්ත්‍රීවරු සොය සොයා යමින් අද කතා කළ බවයි ඔහු පැවසුවේ. දැන් ඊට පරක්කු බවද සරත් ෆොන්සේකා අමාත්‍යවරයා එහිදී පැවසුවා.

අනාගත ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ යුද්දෙට බයේ පැනගොස් අවුරුදු 15ක් අමෙරිකාවට වී සිටි බවද ඔහු එහිදී පෙන්වා දුන්නා. අමෙරිකානු පුරවැසිභාවය ලබා ගනිද්දි, අමෙරිකාව ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ අනුව අනාගත ජනාධිපති අපේක්ෂකයා අමෙරිකාව ආරක්ෂා කිරීමට පොරොන්දු වී ඇති පුද්ගලයකු බවයි පැවසුවේ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් රටට අහිමිවූ මුදලට වඩා අති විශාල මුදල් සම්භාරයක් පසුගිය ආණ්ඩු සමයේ රටට වංචනිකව අහිමි කළ බවයි ඔහු සංඛ්‍යා ලේඛන සහිතව පෙනවා දුන්නේ.

 

About article14_2

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!