Breaking News
Home / දේශීය පුවත් / මහින්දට හදිසි ශල්‍යකර්මයක් ජපානය බලා පිටත් වෙයි

මහින්දට හදිසි ශල්‍යකර්මයක් ජපානය බලා පිටත් වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානයේ සංචාරයක් සඳහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පෞද්ගලික චාරිකාවක් ලෙස ඔහු මෙලෙස ජපානයේ සංචාරය කරන අතර, දින 10ක් එරට රැඳී සිටිනු ඇති.  එහිදී හිටපු ජනාධිපතිවරයා සුළු ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

පසුගිය ජපාන චාරිකාවේදී ඔහුට ලැබුණු වෛද්‍ය උපදෙස් මත එම ශල්‍යකර්මය සිදු කෙරෙන බව සඳහන්.  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජූනි මාසයේ ජපානයේ සංචාරයක නිරතවූ අතර ඊට පෙර 2016 වසරේ ජූනි මාසයේදී ද ජපානයේ සංචාරය කළා.

About article14

Check Also

නිහඬ වූ එජාපයේ ඉදිරි දේශපාලනය තීරණය කරන වාර්තාව රුවන් හදයි

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් සම්පූර්ණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!