Breaking News
Home / දේශීය පුවත් / මහින්දගේ මස්සිනා උදයංග වීරතුංග ලංකාවට අල්ලන් ආපුවම ලසන්ත ඝාතනය කල හා වගකිව යුත්තන් හෙළිවෙයිලු

මහින්දගේ මස්සිනා උදයංග වීරතුංග ලංකාවට අල්ලන් ආපුවම ලසන්ත ඝාතනය කල හා වගකිව යුත්තන් හෙළිවෙයිලු

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම තුළින් ලසන්ත ඝාතනයේ තොරතුරු ද හෙළි විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීම දුෂණ විරෝධී සටනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බව ද අද(06) පැවති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඉතිහාසයේ පළමු වරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දූෂණ වරදට වරදකරු වී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද බරපතළ දුෂණ විභාග කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ මහතා වරදකරුවෙකු වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත්  රටේ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ වාසගම අනුව නොව සියලු දෙනාට එක හා සමානව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
නීතිපතිවරයාගෙන් වගකීමෙන් යුතුව වරදකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
වෙනත් කිසිදු රජයක් මෙලෙස අපරාධ පරීක්ෂණ සිදුකරමින් සංවිධානාත්මක ලෙස ක්‍රියා නොකළ බව ද කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!